Wednesday, May 25, 2011

13 හැවිරිදි ළමයාගේ අපූරු පාපන්දු පහර : Bicycle Kick



 13 හැවිරිදි ළමයාගේ අපූරු පාපන්දු පහර : Bicycle Kick
                ඔන්න හොට් හොට් නිව්ස් එකක් අරන් සයිබර් පෙරේරා ආයෙත් ආවා. අද ඇමෙරිකාවේ ප්‍රධාන ක්‍රීඩා පුවත බවටත් අන්තර්ජාලයේ ප්‍රධාන ක්‍රීඩා පුවත බවටත් පත් ව තිබෙන්නේ දහතුන් (13) හැවිරදි  ළමයෙකුගේ අපූරු පාපන්දු පහර පිළිබදවයි. මේ දහතුන් හැවිරිදි ළමයාගේ නම කෙනර් ගැලියස් (Kenner Galeas) . මොහු ආර්ලින්ටන් ක්‍රීඩා සංවිධානයේ (Arlington Soccer Association)  අවුරුදු 14 පහළ කණ්ඩායමේ ඉදිරිපෙළ (Forward) ක්‍රීඩකයෙකි . මේ දිනවල ඇමෙරිකාවේ පැවැත්වෙන අවුරුදු 14 පහළ කුසලානයේ (U-14 Cup)  තරගයක දී කෙනර් ගැලියස් (Kenner Galeas) තම ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව අපූරු බයිසිකල් පහරකින් (Bicycle Kick) ගෝලයක් ලබා ගැනීමට සමත් වෙයි. මෙම පහර මේ අවුරුද්දේ මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) කණ්ඩායමේ වේන් රූනී (Wayne Rooney) තම ප්‍රතිවාදීන් වන මැන්චෙස්ටර් සිටි (Manchester City) කණ්ඩායමට එරෙහිව වාර්තා කරන පහරට සමානය. මෙම බයිසිකල් පහර (Bicycle Kick) අති දක්ෂ පාපන්දු ක්‍රීඩයෙකුට ද (Pro Player) ගැසීමට නොහැකි ඉතා අමාරු, අපූර්ව පහරකි. මෙවැනි ඉතා අමාරු, අපූර්ව පහරක් ගැසීමට කෙනර් ගැලියස් (Kenner Galeas)  නැමති ළමයාට හැකිවීම පුදුම සහගත සිදුවීමකි.

            ආර්ලින්ටන් ක්‍රීඩා සංවිධානයේ (Arlington Soccer Association) අවුරුදු 14 පහළ කණ්ඩායමේ පුහුණුකරු වන ලුයිස් ඇලෙන්සෝ මහතා පවසන්නේ කෙනර් (Kenner) ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දෙන ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් බවයි. කෙනර් (Kenner) මුලින්ම කණ්ඩායමට ඉදිරිපත් වී ඇත්තේ පසුපෙළ ක්‍රීඩයෙකු ලෙසිනි. නමුත් ඔහුගේ දස්කම් හා වාසනාව නිසා ඔහුට ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වීමට වරම් උදා වී ඇත. මෙම අපූර්ව දස්කම් නිසාවෙන්ම ඇමෙරිකාවේ හොන්ඩුරාස් පිලට එක්වීමට ද මොහුට අවස්ථා උදා වී ඇත. කෙනර්ට සයිබර් පෙරේරාගේ උණුසුම් සුබ පැතුම්. ඔන්න පල්ලෙහා තියෙනවා මොහුගේ අපූරු බයිසිකල් පහර...හොදද කියලා බලන්නකෝ...


1 comment: