Monday, May 30, 2011

Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩොන්යා (Donya)


 Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩොන්යා (Donya)

                     ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. පන්ති ගිහින් දැනුයි ආවේ.එහෙනම් වැඩේට එන්ටර්ර්ර් වෙමුකෝ.ඔන්න ඉතින් මේ පාර කියන්න යන්නේ ලස්සනම ලස්සන මියුසික් ඇල්බම් එකක් ගැන. අද ඉදන් මියුසික් වලට පිටුවක් අරිනවා. ඒ පිටුවේ පළවෙනි පෝස්ට් එක තමයි දැන් මේ ලියන්නේ. එහෙනම් මියුසික් පිටුවේ පළවෙනි පෝස්ට් එකෙන් දාන්නේ ජනප්‍රිය ඒ වගේම ලස්සනම ලස්සන සිංදු තියෙන Arashගේ ඩොන්යා (Donya) ඇල්බම් එක ගැන.  ඔයාලා මේ දවස්වල වැඩියෙන්ම අහන ඒ වගේම ආස කරන සිංදුව මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ බ්‍රෝකන් ඒන්ජල් (Broken Angel) සිංදුව ගැනනේ. ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ. මොකද ඒ සිංදුව ඒ තරම්ම ලස්සනයි. ඩොන්යා (Donya) ඇල්බම් එක ගැන කතා කරන්න කලින් Arash ගැන ටිකක් කතා කරමුකෝ.


                   Arash කියන්නේ ඉරාන ජාතික සුප්‍රසිද්ධ ගායකයෙක්. 1977 අප්‍රියේල් 23 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නගරයේ උපත ලද Arash සිය පවුලත් සමග අවු.10දී ස්වීඩනයේ (Sweden) පදිංචියට ගියේය. මොහු 2005දී ගායකයෙකු ලෙස නැගී ඒමට පටන් ගත්තේය. මොහු Persian Pop, Hip Hop, R&B, Dance Music, House ලෙස ගායන රීති (Genre) ගණනාවක් ඔස්සේ ගීත ගැයීමට හපනෙක් විය. මොහු Warner Music Scandinavia (WEA) සමග එකතු වී තම සිංදු ප්‍රසිද්ධ කිරීමට පටන් ගත්තේය. මොහු හෙලේනා (Helena) සමග එකට ගායනා කරන පියෝර් ලව් (Pure Love) හා බ්‍රෝකන් ඒන්ජල් (Broken Angel) සිංදු දෙක ලෝකයේ මොහුව ප්‍රසිද්ධ වීමට හේතු විය. දැන් ඉතින් Arash කතා කෙරුවා ඇතිනේ.

               ඔන්න දැන් අපි  ඩොන්යා (Donya) ඇල්බම් එක ගැන කතා කරමු. මෙම ඇල්බම් එක ලෝක රසිකයන්ට නිකුත් වුනේ 2008ය. එය ඉතා සීඝ්‍ර ලෙස ජනප්‍රිය වුනේ පියෝර් ලව් (Pure Love) සිංදුව නිසාය. මෙහි සිංදු 14ක් අන්තර්ගතවේ. ඔය පල්ලෙහා තියෙන්නේ ඒ සිංදු 14 ය.
                      01. Intro
                      02.Donya
                      03.Suddenly
                      04. Miduni Midunam
                      05.Kandi
                      06.Pure Love
                      07.Naro
                      08.Chori Chori
                      09.Laf Laf
                      10.Joone Man
                      11.Tanham
                      12.Doset Nadaram
                      13.Dasa Bala
                      14.Donya

            ඔන්න දැන් ඔයාලා දන්නවනේ ඩොන්යා ඇල්බම් එක ගැන විස්තර ටිකකුයි, ඒක තියෙන සිංදු ගැනයි. එහෙනම් ඉතින් මේ අපූරු ලස්සනම ලස්සන ඇල්බම් එක පහළින් බාගන්නකෝ.












2 comments:

  1. thanx ඔය සිංදුව ගන්න තැනක් මම හොය හොය හිටියේ

    ReplyDelete