Showing posts with label පට්ට පුවත්. Show all posts
Showing posts with label පට්ට පුවත්. Show all posts

Friday, June 3, 2011

MI6 ඒජන්සිය අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ වෙබ් අඩවිය හැක් කරයි : Operation Cupcake


  MI6 ඒජන්සිය අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ වෙබ් අඩවිය හැක් කරයි : Operation Cupcake

                 ඔන්න සයිබර් පෙරේරා ආයේ ආවෝ. ඉතින් මේ පාර මම ටිකක් හිනා යන පුවතක් තමා ගෙනාවේ. හැබැයි මේකට දැන් ටිකක් හිනා ගියාට පස්සට අඩන්න වෙයිද දන්නෙත් නෑ. මේ පුවතෙන් කියන්නෙත් හැකර් ප්‍රහාරයක් ගැන. මේ හැක් කිරීමට ලක්වෙන්නේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම වන අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව සහිත වෙබ් අඩවියයි. මේ වෙබ් අඩවියේ තිබුණු තොරතුරු වෙනස් කිරීමට තමා මේ හැකර් ප්‍රහාරය දියත් කරලා තියෙන්නේ. මේ ප්‍රහාරය දියත් කළේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සියයි. මොවුන් අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව (Online Magazine) සහිත වෙබ් අඩවිය හැක් කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රධානම ඉලක්කය වුනේ එහි අඩංගු තොරතුරු වෙනස් කිරීමයි. මේ ඉලක්කය ඉතා විශිෂ්ඨ ලෙස ජය ගන්න මොවුන්ට පුළුවන් වුනා. එහෙනම් මේ සිද්ධිය ගැන පොඩ්ඩක් සවිස්තරාත්මකව කතා කරමු. 

               ඔයාලා දන්නවනේ අල් කයිඩා (Al-Qaeda) සංවිධානය පිළිබදව. මොවුන් ලෝකයේ දැනට ඉන්න භයානකම ත්‍රස්තවාදීන් ලෙස සැළකෙනවා. මොවුන්ගේ නායකයා වන ඔසාමා බින් ලාඩන් මේ ලගදී මැරුන පුවත ඔයාලා ඕන කෙනෙක් දන්නවනේ. එයාගේ මරණෙන් පස්සේ අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ නව නායකයා ප්‍රකාශ කළා ලන්ඩන් නගරයම පුපුරුවා දමනවා කියලා. ඉතින් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ කරද්දීත් නොබියව මෙම හැකර් ප්‍රහාරය දියත් කරන්න බ්‍රිතාන්‍ය ඉදිරිපත් වුනා. ද ටෙලිග්‍රාෆ් (The Telegraph) වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව මෙම ප්‍රහාරය මුලින්ම දියත් කිරීමට ගොස් ඇත්තේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව මෙම ඉලක්කය සහිත පෙන්ටගන් මෙහෙයුම නවතා දැමුවේ CIAහි අණ කිරීම නිසයි. CIA මෙම මෙහෙයුම නතර කිරීමට අණ කළ පසු එම මෙහෙයුමට සමාන මෙහෙයුමක් බ්‍රිතාන්‍ය දියත් කළහ. එය ඉතා සාර්ථක විය. 

                බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සිය  අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව (Online Magazine) සහිත වෙබ් අඩවිය තුළ අඩංගු වූ බෝම්බ සාදන ක්‍රියා පටිපාටිය ඇතුළත් ආර්ටිකල් එක මකා දමා ඒ වෙනුවට කේක් සාදන ආකාරය ඇතුළත් ආර්ටිකල් එකක් පළ කළහ. අල් කයිඩා (Al-Qaeda) සංවිධානය දැනට සති දෙකකට කලින් බෝම්බ සාදන ක්‍රියා පටිපාටිය ඇතුළත් ආර්ටිකල් එකක් පළ කර ඊට පසු තවත් ඒ පිළිබදවම ආර්ටිකල් හතරක්ද පළ කර ඇත. නමුත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සිය මේවා මකා දමා තිබේ. හැබැයි මේ ප්‍රහාරයට අල් කයිඩා (Al-Qaeda) සංවිධානය ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට බොහෝ ඉඩ කඩ ඇත. එම නිසා බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට වැඩි අවධානයෙන් කටයුතු කිරීමට සිදුවෙයි. එහෙනම් අපි බලමුකෝ ඊළගට මොනා වෙයිද කියලා. හෙට උදේ හම්බවෙමු. සුභ රාත්‍රියක් වේවා!!!

Wednesday, June 1, 2011

මුළු ලෝකයටම රහසක් වූ Area 51 පිළිබද ඡායාරූප කිහිපයක් එළිවේ


  මුළු ලෝකයටම රහසක් වූ Area 51 පිළිබද ඡායාරූප කිහිපයක් එළිවේ

                  කස්ටියටම සුභම සුභ උදෑසනක් වේවා. ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාර මම කියන්න යන්නේ පට්ට පුවතක් ගැන. අද ලෝකය දිහා  බලනකොට අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. හැබැයි ගොඩක් දේවල් ගැන අපි හොදට හොයලා බැලුවොත් අපිට ඒ දේවල් ගැනත් දැනගන්න පුළුවන්. හැබැයි අපි කොච්චර උත්සාහ කළත් සමහර දේවල් පිළිබදව වැඩි විස්තර හොයාගන්න අපිට බෑ. මේ වගේ දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ. වැඩිය අගේ නොකර එහෙනම් කතාව පටන් ගන්නම්කෝ.

                     අද ඇමෙරිකාවේ ජනතාවට මෙන්ම මුළු ලෝකයාම හරිහැටි නොදන්න ප්‍රදේශයක් තමා Area 51 කියන්නේ. මේ  ප්‍රදේශය තුළ සිද්ධ වෙන දේවල් පිළිබදව කිසිම කෙනෙක් හරියටම කියන්න දන්නේ නෑ. මෙහි සිදුවන සියල්ලම තවමත් මුළු ලෝකයාම නොදන්න රහසක්. මේ ප්‍රදේශය පිළිබද විවිධ පුද්ගලයන් සහ විවිධ රටවල් එක එක දේවල් කියනවා. හැබැයි ගොඩක් අය පිළිගන්න මත දෙකක් තියෙනවා. එයින් එකක් තමා මෙහි පිටසක්වළ ජීවින් පිළිබද පරීක්ෂණ සිදුකරනවා කියන එක. අනිකෙන් කියවෙන්නේ ඇමෙරිකාව මෙම ප්‍රදේශය තුළ තමන්ගේ විවිධ යුධ පරීක්ෂණ කරනවා කියන එක. හැබැයි මේ මත දෙකම පිළිගන්න අපිට පුළුවන්. මොකද දැනට හම්බවෙලා තියෙන සුළු සුළු හෝඩුවාවන් එක්ක බලපුවාම තේරෙන්නේ මේ දෙකම සත්‍ය බවයි. මෙම මත වලින් දෙවෙනි මතය තහවුරු කරන්න පුළුවන් හෝඩුවාවන් ඇති ඡායාරූප කිහිපයක් National Geographic විසින් ප්‍රසිද්ධ කළා. ඔය පහළ තියෙන්නේ ඒ ඡායාරූප වලින් ප්‍රධාන ටික තමා. 



               
                                 මෙම ඡායාරූප වලින් පෙනී යන හෝඩුවාවන්ගෙන් අපට පුළුවන් ඉහත සදහන් දෙවෙනි මතය පිළිගන්න. මෙහි පිටසක්වළ ජීවින් පිළිබද තියෙන මතය නම් මේ ඡායාරූප මගින් ටිකක් පිළිගන්න අමාරුයි. ඒත් අපි දන්න දේට වඩා වැඩි යමක් මේ ප්‍රදේශය තුළ සිද්ධවෙනවා කියලා දැන් ඔයාලට තේරෙනවා නේද? මේ ප්‍රදේශය පිළිබද රහස අනාවරණය වෙනකම් මට නම් ඉවසුමක් නෑ. තවත් මෙවැනි පුවතක් අරගෙන දවල් වෙලා එන්නම්කෝ.

Tuesday, May 31, 2011

සුපිරි හිප් පොප් ගායක Sean Kingston හදිසි අනතුරකට ලක්වේ!

 සුපිරි හිප් පොප් ගායක Sean Kingston හදිසි අනතුරකට ලක්වේ!

             සයිබර් පෙරේරා මේ පාර ආවේ දුක හිතෙන නිව්ස් එකකුත් අරගෙන. ඇමෙරිකාවේ සහ මුළු ලෝකයේම ජනප්‍රිය ගායකයෙක් පෙරේදා අනතුරකට ලක්වුනා. ඔයාලා දැනටමත් මේ නිව්ස් එක දන්නවත් ඇති. මේ හදිසි අනතුරකට ලක්වෙලා ඉන්නේ සුපිරි සහ ජනප්‍රිය හිප් පොප් (Hip Hop) ගායක ශෝන් කින්ග්ස්ටන් (Sean Kingston). මොහු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා. එහෙනම් මේ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ.

               මොහු මේ අනතුරට ලක්වුනේ කෙල්ලෙක් සමග වතුර යාත්‍රාවක (Watercraft) ගමන් කරමින් යන විටදීය. සිද්ධිය දුටුවන් පවසන අන්දමට ඉරිදා හවස 6.00ට පමණ මොවුන් දෙදෙනාගේ වතුර යාත්‍රාව (Watercraft) ෆ්ලොරිඩාවල තිබෙන ෆාම් දූපත් පාලමේ (Palm Island Bridge) හැප්පී ඇත. එම අවස්ථාවේදී ම මොවුන් දෙදෙනාව දැඩි සත්කාර ඒකකයට ගෙන ගොස් ඇත. මෙය දැනගත් මොහුගේ පවුලේ උදවිය යාච්ඤා කරමින් මොහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජෝශප් කැරොස්සා මහතා පවසයි.

           මේ හදිසි අනතුර පිළිබද දැනගත් ජස්ටින් බීබර් (Justin Bieber) ටුවිටර් (Tweeter) වෙබ් අඩවිය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශෝන් කින්ග්ස්ටන්ගේ (Sean Kingston) ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් යාච්ඤාවේ යෙදෙන ලෙසයි. ඔන්න ඉතින් මම දන්න විදියට විස්තරේ ඕගොල්ලන්ට කිව්වා. අපිත් ශෝන් කින්ග්ස්ටන්ට (Sean Kingston) ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

Sunday, May 29, 2011

ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011

                    
 ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011
                   
                   ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. ඊයේ දවසෙම GF එක්ක චැට් කරපු නිසා පෝස්ට් එකක්වත් දාන්න බැරි වුණා. ඒ හින්දා අද දවසේ පෝස්ට් වැඩිපුර දාන්න තමයි ඉන්නේ. ඔන්න ඉතින් අද උදේම ආවේ  බිලියන පුවතක් අරන්. ඔන්න ඉතින් මෙතනදී නම් ඇමෙරිකාව පරාදයි. අද මම ගෙනාව පුවතෙන් කියවෙන්නේ ලෝකයේ වැඩිම බිලියනපතියන් ඉන්න නගර පිළිබදව. ඔන්න ඉතින් ලෝකයේ බිලියනපතියන් වැඩිම ගාණක් ඉන්න නගර පහ අග ඉදන් මුලට පහළ තියෙනවා. බලන්නකෝ කොහොමද වැඩේ කියලා.



මේ තියෙන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.මෙම නගරය ලෝකයේ 5 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 36ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 60.5කි.


මේ තියෙන්නේ හොං කොං වල හොං කොං නගරයයි.මෙම නගරය ලෝකයේ 4 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 40ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 176.8කි.


මේ තියෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගරයයි.මෙම නගරය ලෝකයේ 3 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 41ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 164.3කි.


මේ තියෙන්නේ ඇමෙරිකාවේ නිව් යොර්ක් නගරයයි.මෙම නගරය ලෝකයේ 2 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 59ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 220.8කි. 


මේ තියෙන්නේ රුසියාවේ මොස්කව් නගරයයි.මෙම නගරය ලෝකයේ 1 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 79ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 375.3කි. 


             මෙම තොරතුරු වලින් පෙනී යන්නේ ලෝක ආර්ථිකයේ ප්‍රථමයාට දෙවන තැන ලැබී ඇති ආකාරයයි. එමෙන්ම ඔවුන්ගේ ප්‍රධානතම හතුරා ප්‍රථමස්ථානයේ පසුවෙයි. බලපල්ලකෝ ඇමෙරිකාවට වෙච්ච දේ. පව්නේ!

Monday, May 23, 2011

ප්‍රසිද්ධියේ සෙලීනාගෙන් බීබර්ට උණුසුම්, ආදර හාදුවක්

                          ප්‍රසිද්ධියේ සෙලීනාගෙන් බීබර්ට උණුසුම්, ආදර හාදුවක්

                   ඊයේ ඇමෙරිකා සංගීත කේෂ්ත්‍රයේ තවත් අපූරු දවසක් සනිහුටන් වුනා. ඒ බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළෙල (Billboard Music Awards) ඊයේ පැවැත්වීම නිසයි. මෙම සම්මාන උළෙල ලෝකවාසී සියළු දෙනාගේ නෙත් ඇද ගැනීමට සමත් වුනා. මෙම උළලේදී අපූරු සිද්ධි කිහිපයක්ම වාර්තා වුනා. ඒ අතරින් අද අප කතා කිරීමට යන්නේ මේ දිනවල ලෝක මාධ්‍ය වේදීන්ගේත් ඔබ හැමදෙනාගේත් කතාබහට ලක්වුණු පුද්ගලයන් දෙදෙනෙක් ගැන. ඒ ජස්ටින් බීබර් (Justin Bieber) හා සෙලීනා ගෝමස් (Selena Gomez) යන දෙදෙනා ගැනයි. 

                                   පසුගිය මාසවල මේ දෙදෙනා ගැන විවිධ පුවත්පළ වුනා. මේ පුවත් සියල්ලෙන්ම ප්‍රකාශ වුනේ මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති බවයි. නමුත් බොහෝ දෙනා කියා සිටියේ මොවුන් දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් නැති බවයි. නමුත් ඊයේ පැවැත් වුණු බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළලේ (Billboard Music Awards) ඇතිවුණු අපූරු සිද්ධිය නිසාවෙන් නැවතත් ලෝක මාධ්‍ය වේදීනුත් ලෝකවාසී බොහෝ දෙනාත් ‍මොවුන් දෙදෙනා වෙත නෙත් යොමු කිරීමට පටන් ගත්තා. ඒ අපූරු සිදුවීම නම් : සෙලීනාගෙන් බීබර්ට උණුසුම්, ආදර හාදුවක් ලැබීමයි. මෙම හාදුවත් සමග මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති බව සියළු දෙනා පිළිගත්තා. හැබැයි තවමත් මේ දෙන්නා ඔවුන් අතර එවැනි සම්බන්ධයක් ඇති බව නිල වශයෙන් පිළිගෙන නැහැ. එහෙම පිළිගත්ත ගමන්ම සයිබර් පෙරේරා ඒ ගැන කියනවා. එහෙනම් ඔය පහළ ඡායාරෑප ටිකත් බලන්නකෝ.( බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළෙල දී -Billboard Music Awards )






Saturday, May 21, 2011

ප්‍රශ්නයක් දාපු සැනින් උත්තරයක් ලැබෙන අපේ ගෘප් එක : Online හෙල්ප්

ප්‍රශ්නයක් දාපු සැනින් උත්තරයක් ලැබෙන අපේ ගෘප් එක : Online හෙල්ප්

               ලෝකයේ අද වන විට මුහුණු පොත හෙවත් ෆේස්බුක් පාවිච්චි කරන්නන් මිලියන 600ක් විතර ඉන්නවා.ඒ අතර ශ්‍රී ලාංකිකයන් මිලියන 10ක් (මම හිතන හැටියට) විතර ඉන්නවා. මේ සියළු දෙනාට මුහුණු පොත, අන්තර්ජාලය පාවිච්චි කරනකොට මෙන්ම පරිගණකය පාවිච්චි කරනකොට එක එක ප්‍රශ්න ඇතිවෙනවා. මේවා තනියම විසදගන්න හරි ආමාරුයි. ඒත් මේ ප්‍රශ්න වලට උත්තර කියලා දෙන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කර උත්තරයක් එසැනින් ලබාගත හැකි ගෘප් එක තමා : Online හෙල්ප්  
  
                Hackrish Man නැමති අපූර්ව මිනිසාගේ උදාර සිතුවිල්ලකට පිං සිද්ධ වෙන්න Online හෙල්ප්  ගෘප් එක නිර්මාණය වුනා. මේ වන විට ඇඩ්මින්ලා 9 දෙනෙක් මේකේ ඉන්නවා. නම දෙනාම ඉතින් සුපිරි බුලට් තමා. 
                  
           ඔයාලා වැදගත් ප්‍රශ්නයක් (ඒ කියන්නේ ගොන් ප්‍රශ්න නොවන) ඇහුවොත් අනිවා විනාඩියක් ඇතුළත ඔයාලා බලාපොරොත්තු වුන උත්තරේ දැන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්න, ආස කරන තාක්ෂණික පෝස්ට් පළ කරන්නත් පුළුවන්. මේ ඔක්කොම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ හොදම ගෘප් එක වන ඔන්ලයින් හෙල්ප් එකෙන් විතරයි. 
d
                  ඔයාලා තාම අපිත් එක්ක එකතු වෙලා නැත්තම් දැන්ම එකතු වෙන්න. මොකද පමා වෙන එක හොද මදිනේ!!! හැබැයි ඔයාලා එකතු වෙලා නිකම් ඉන්න නම් එපා!!! ‘හොද දෙයක් පෙන්නාදීම හොද යාළුවෙක්ගේ ලක්ෂණයකි‘ කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ හින්දා හොද යාළුවෙක් නම් ඔයාලගේ යාළුවන්වත් අපේ ගෘප් එකට ඇඩ් කරන්න. පරක්කු වෙන්න එපා දැන්ම පටන්ගන්න. අපි ඉන්නේ මුහුණු පොතේ...