Friday, June 3, 2011

MI6 ඒජන්සිය අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ වෙබ් අඩවිය හැක් කරයි : Operation Cupcake


  MI6 ඒජන්සිය අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ වෙබ් අඩවිය හැක් කරයි : Operation Cupcake

                 ඔන්න සයිබර් පෙරේරා ආයේ ආවෝ. ඉතින් මේ පාර මම ටිකක් හිනා යන පුවතක් තමා ගෙනාවේ. හැබැයි මේකට දැන් ටිකක් හිනා ගියාට පස්සට අඩන්න වෙයිද දන්නෙත් නෑ. මේ පුවතෙන් කියන්නෙත් හැකර් ප්‍රහාරයක් ගැන. මේ හැක් කිරීමට ලක්වෙන්නේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම වන අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව සහිත වෙබ් අඩවියයි. මේ වෙබ් අඩවියේ තිබුණු තොරතුරු වෙනස් කිරීමට තමා මේ හැකර් ප්‍රහාරය දියත් කරලා තියෙන්නේ. මේ ප්‍රහාරය දියත් කළේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සියයි. මොවුන් අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව (Online Magazine) සහිත වෙබ් අඩවිය හැක් කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රධානම ඉලක්කය වුනේ එහි අඩංගු තොරතුරු වෙනස් කිරීමයි. මේ ඉලක්කය ඉතා විශිෂ්ඨ ලෙස ජය ගන්න මොවුන්ට පුළුවන් වුනා. එහෙනම් මේ සිද්ධිය ගැන පොඩ්ඩක් සවිස්තරාත්මකව කතා කරමු. 

               ඔයාලා දන්නවනේ අල් කයිඩා (Al-Qaeda) සංවිධානය පිළිබදව. මොවුන් ලෝකයේ දැනට ඉන්න භයානකම ත්‍රස්තවාදීන් ලෙස සැළකෙනවා. මොවුන්ගේ නායකයා වන ඔසාමා බින් ලාඩන් මේ ලගදී මැරුන පුවත ඔයාලා ඕන කෙනෙක් දන්නවනේ. එයාගේ මරණෙන් පස්සේ අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ නව නායකයා ප්‍රකාශ කළා ලන්ඩන් නගරයම පුපුරුවා දමනවා කියලා. ඉතින් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ කරද්දීත් නොබියව මෙම හැකර් ප්‍රහාරය දියත් කරන්න බ්‍රිතාන්‍ය ඉදිරිපත් වුනා. ද ටෙලිග්‍රාෆ් (The Telegraph) වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව මෙම ප්‍රහාරය මුලින්ම දියත් කිරීමට ගොස් ඇත්තේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව මෙම ඉලක්කය සහිත පෙන්ටගන් මෙහෙයුම නවතා දැමුවේ CIAහි අණ කිරීම නිසයි. CIA මෙම මෙහෙයුම නතර කිරීමට අණ කළ පසු එම මෙහෙයුමට සමාන මෙහෙයුමක් බ්‍රිතාන්‍ය දියත් කළහ. එය ඉතා සාර්ථක විය. 

                බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සිය  අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව (Online Magazine) සහිත වෙබ් අඩවිය තුළ අඩංගු වූ බෝම්බ සාදන ක්‍රියා පටිපාටිය ඇතුළත් ආර්ටිකල් එක මකා දමා ඒ වෙනුවට කේක් සාදන ආකාරය ඇතුළත් ආර්ටිකල් එකක් පළ කළහ. අල් කයිඩා (Al-Qaeda) සංවිධානය දැනට සති දෙකකට කලින් බෝම්බ සාදන ක්‍රියා පටිපාටිය ඇතුළත් ආර්ටිකල් එකක් පළ කර ඊට පසු තවත් ඒ පිළිබදවම ආර්ටිකල් හතරක්ද පළ කර ඇත. නමුත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සිය මේවා මකා දමා තිබේ. හැබැයි මේ ප්‍රහාරයට අල් කයිඩා (Al-Qaeda) සංවිධානය ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට බොහෝ ඉඩ කඩ ඇත. එම නිසා බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට වැඩි අවධානයෙන් කටයුතු කිරීමට සිදුවෙයි. එහෙනම් අපි බලමුකෝ ඊළගට මොනා වෙයිද කියලා. හෙට උදේ හම්බවෙමු. සුභ රාත්‍රියක් වේවා!!!

No comments:

Post a Comment