Thursday, June 2, 2011

ගූගල් සමාගමේ අළුත් මායම ඇවිල්ලෝ : Google +1

      
 ගූගල් සමාගමේ අළුත් මායම ඇවිල්ලෝ : Google +1
                 
             ඔන්න සයිබර් පෙරේරා ආවෝ... නිව්ස් අහන්න එන්නෝ... ඔන්න මේ පාර කියන්න යන්නේ තාක්ෂණික පැත්තට බරවුණු නිව්ස් එකක්. ඔයාලට මම කලින් කිව්වනේ ගූගල් සමාගමේ අළුතෙන් ආරම්භ වෙන්න යන ගූගල් වොලට් ගැන. හැබැයි මේ කියන්න යන්නේ ගූගල් වොලට් සේවාව ගැන නම් නෙමෙයි. ගූගල් සමාගම හදුන්වා දුන්න අළුත්ම ගැජමැටික් කෑල්ලක් ගැන. ඔයාලා බ්ලොග් කියවනකොට දකින්න ඇතිනේ ඔය පහළ තියෙනවා වගේ අයිකන් එකක්. 
                  මගේ බ්ලොග් එකෙත් හැම පෝස්ට් එකක් යටින්ම ඔන්න ඔය වගේ එකක් තියෙනවා. මේක ගූගල් සමාගම හදුන්වා දුන්න අළුත්ම ගැජට් කෑල්ලයි. ඔයාලා දන්නවනේ අද වෙනකොට සමාජ වෙබ් අඩවි ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. වර්තමානය වන විට ඔයාලා ගොඩක් දෙනෙක් වගේම මුළු ලෝකයේත් බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ Facebook සහ Twitter කියන සමාජ වෙබ් අඩවි දෙක තමා. හැබැයි වැඩි ප්‍රසිද්ධියක් නැති Google Buzz කියන්නෙත් සමාජ වෙබ් අඩවියක් තමා. ඉතින් ගූගල් සමාගම තරගකාරී සමාගමක් කියලා ඔයාලා දන්නවනේ. ඒ හින්දා Facebook සහ Twitter වල තියෙන ලයික් (Like) හා ෆලෝ (Follow) කියන ගැජට් වලට සමාන ගැජට් කෑල්ලක් හදන්න මෙයාලා කල්පනා කළා. ඒකේ ප්‍රතිඵලයක් තමා Google +1 කියන්නේ. ඔයාලා ඒ පෝස්ට් එකට කැමතිනම් ඔයාලට පුළුවන් Google +1 බට්න් එක ක්ලික් කරලා ඔයාලගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. මේකත් හරියට Facebook සහ Twitter වල තියෙන ලයික් (Like) හා ෆලෝ (Follow) කියන බට්න් වගේ තමා. ක්ලික් කරලා ඔයාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. මේක ක්ලික් කරලා ඔයාලා කියන්න හදන්නේ මේ දෙකෙන් එකක් තමා.
1."This is pretty cool" (මේක නම් නියමයි) 
2."You should check this out" (ඔයාලත් පොඩ්ඩක් මේක බලන්න)

                  මෙන්න මේ විදියට ඔයාලටත් පුළුවන් මේ බට්න් එක උඩ ක්ලික් කරලා ඔයාලගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් ඔයාලා ඔයාලගේ ගූගල් අකවුන්ට් (Account) එකට ලොග් වෙලා හිටීම අනිවාර්යයි.  හරියට Facebook සහ Twitter වල කරනවා වගේ තමා. ඒ වගේම අනිත් අය මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවද කියලා බලන්නත් පුළුවන්.  ඉතින්  මේකෙත් පොඩි ප්‍රයෝජනයක් තියෙනවා නේද? පහළ තියෙන වීඩියෝ එක ගූගල් සමාගම Google +1 කියන්නේ මොකක්ද කියලා හදුන්වා දෙන්න තමා හදලා තියෙන්නේ. ඒකත් බලන්නකෝ. තවත් විස්තර අවශ්‍ය නම් අර උඩ තියෙන අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් මම කැපුනෝ...



3 comments:

  1. නියම අර්ටිකල් එක.... එළ එළ

    ReplyDelete
  2. තුන්කූ වේවා දෙන්නටම... තවත් නිව්ස් ගොඩක් එන්න තියෙනවා... :ඩී

    ReplyDelete