Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts

Tuesday, May 31, 2011

Rooney ගෝලයක් වාර්තා කළ තණතිල්ලේ කොටස දැන් eBay එකේ විකිණීමට ඇත : ඉක්මනින් කැමති කස්ටිය ලංසුවක් දාන්න


 Rooney ගෝලයක් වාර්තා කළ තණතිල්ලේ කොටස දැන් eBay එකේ විකිණීමට ඇත  : ඉක්මනින් කැමති කස්ටිය ලංසුවක් දාන්න

                    ඔන්න කස්ටියටම ගුඩ් මෝර්නින්ග් කිව්වා. අද උදේම සයිබර් පෙරේරා ආවේ අපූරු ක්‍රීඩා පුවතක් අරගෙන. හැබැයි මේ නිව්ස් එක අහලා ඔයාලට හිනා යයිද දන්නෙත් නෑ. :ඩී හැබැයි ඉතින් මේක පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන අයට නම් මේ දිනවල රසවත් පුවතක් තමා. මේ නිව්ස් එකෙන් කියන්න යන්නේ eBay එකේ විකුණන්න තියෙන අපූරු දෙයක් පිළිබදව. මේ අපූරු දේ තමා : ඊවූඩ් පාර්ක් (Ewood Park) පාපන්දු ක්‍රීඩාංගනයේ  තණතිල්ලේ එක කොටසක් (ඒ කියන්නේ පිට්ටනියෙන් කපා ගත්ත පිඩැල්ලක්) මේක එන්න එන්නම ගණන් යනවා. දැන් මේ ගැන වැඩි විස්තර කතා කරමුකෝ.

                        ඔයාලා දන්නවනේ එංගලන්තයේ පැවැත්වෙන හොදම සහ තරගකාරීත්වය වැඩිම, ඒ වගේම මුළු ලෝකයේම ජනප්‍රිය පාපන්දු ලීග් තරගාවලිය මොකක්ද කියලා. ඒ  තමා බාර්ක්ලේස් ෆ්‍රීමියර් ලීග් (Barclays Premier League) තරගාවලිය. මේ තරගාවලිය ලෝකයේ ජනප්‍රියම පාපන්දු තරගාවලිය ලෙසත් හදුන්වනවා. ඉතින් මේ තරගාවලියට සහභාගි වෙන්නේ එංගලන්තයේ හොදම කණ්ඩායම් ටික තමා. පසුගිය 14 වෙනිදා මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester Utd.) පිළ සමග තරග වැදුනේ බ්ලැක්බර්න් රෝවස් (Blackburn Rovers) පිළයි. මෙම තරගය පැවැත්වුනේ බ්ලැක්බර්න් රෝවස් පිළේ තණතිල්ලේදී (ඊවූඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී) යි. මෙම තරගය 1 - 1 ක් ලෙස නිමාවුනේ කිසිදු පිළකට ජයග්‍රහණය ලබා නොදෙමිනි. මෙම තරග‍යේ දෙවන භාගය වන විට මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ පරාජයට ලගා වී සිටියේය.  මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ පරාජයෙන් ගලවා ගත්තේ ඉදිරිපෙළ ක්‍රීඩක වේන් රූනිය (Wayne Rooney). ඔහු තම කණ්ඩායමට ගෝලයක් ලබාගන්නේ ඉතා දක්ෂ දඩුවම් පහරක් මාර්ගයෙනි.

                   මෙම ගෝලයත් සමග තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.  මෙම වේන් රූනිගේ ගෝලය බ්ලැක්බර්න් රෝවස් පිළේ ප්‍රේක්ෂකයන්ගේ සියළු බලාපොරොත්තු බිද දැම්මේය. වේන් රූනි තමාගේ ගෝලය වාර්තා කළ ස්ථානයේ (ඒ කියන්නේ ඔහු බෝලයට පහර දුන් ස්ථානයේ) තණතිල්ලේ එම කොටස කපා ඉවත් කරගැනීමට බ්ලැක්බර්න් රෝවස් පිළේ ප්‍රේක්ෂකයෙකු වන එඩී මැක්ස්වෙල් (Eddie Maxwell) මහතාට හැකිවී තිබේ. බ්ලැක්බර්න් රෝවස් පිළේ පාලක මණ්ඩලයේ අවසරය මත ඔහු මෙම පිඩැල්ල කපා ගෙන ඇත. දැන් මෙම කොටස eBay (ඔයාලා දන්නවා ඇතිනේ eBay ගැන) එකේ විකුණන්න දාලා තියෙනවා. හැබැයි ඉතින් ලංසු දාලා තමා  මේක විකුණන්නේ. ලංසුව පටන්ගත්තේ නම්  £400න් ඒත් දැන් £700ටත් අධික ලංසුවක් තමා දාන්න ඕන. පේන විදියට ගාණ එන්න එන්නම ඉහළ යනවා. ඔයාලත් ලංසුවක් දාන්න ආසනම් පහළ තියෙන වේන් රූනිගේ රූපය උඩ ක්ලික් කරන්න.


Saturday, May 28, 2011

රතිඤ්ඤා කරලට බිය නොවී ඉදිරියට ඇදෙන වීරයා : Gabriel Torje


 රතිඤ්ඤා කරලට බිය නොවී ඉදිරියට ඇදෙන වීරයා : Gabriel Torje

                ඔන්න සයිබර් පෙරේරා ආයේ ආවා. අද මං කියන්න යන්නේ ක්‍රීඩාවට සම්බන්ධ වූ පට්ට නිව්ස් එකක් ගැන. පාපන්දු ක්‍රීඩාව කියන්නේ දවසින් දවස නොයෙක් ආකාරයේ අපූරු සිදුවීම් වාර්තා වෙන ක්‍රීඩාවක්නේ. ඔන්න මට පාපන්දු ක්‍රීඩා‍වේ ඇති වුණු එක අපූරු සිද්ධියක් හම්බ වුනා. පාපන්දු ක්‍රීඩාව කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම හා ප්‍රසිද්ධම ක්‍රීඩාවයි. පාපන්දු තරගයක් අතරතුරදී ඇතිවුණු පට්ට සිදුවීමක් තමා මම අද කියන්න යන්නේ. තරගයක් අතරතුරදී ප්‍රේක්ෂකයන්ගෙන් කිසියම් බාධාවක් ඇති වුනොත් තරගය මද වෙලාකට හෝ නතර කරලා එම බාධාව වියැකී ගිය පසු පමණයි, නැවත සෙල්ලම් කිරීමට පටන් ගන්නේ. 

           මේ දිනවල රොමේනියාවේ (Romania) පාපන්දු කුසලානය පැවැත් වෙනවා. මෙම තරග මාලවේ එක් තරගයකදී අපූරු සිද්ධියක් වාර්තා වුනා. මේ අපූරු සිද්ධිය වාර්තා වුනේ ඩයිනමෝ බුචරෙස්ට් (Dinamo Bucharest) සහ ස්ටිඅයුආ බුචරෙස්ට් (Steaua Bucharest) කණ්ඩායම් අතර පැවති තරගයේදීයි. ඩයිනමෝ බුචරෙස්ට් (Dinamo Bucharest) කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන ගැබ්රියල් ටොර්ජේ (Gabriel Torje) ඉතා දක්ෂ ලෙස පන්දුව පාලනය කරගෙන ප්‍රතිවාදීන්ගේ දැල වෙත ඇදෙද්දී තම පිලේම ප්‍රේක්ෂකයෙකුගේ අදිසි ක්‍රියාවකට මුහුණ දීමට සිදුවෙයි. ඒ පියාඹන රතිඤ්ඤා කරලක් නිසාවෙනි. ගැබ්රියල් ටොර්ජේ (Gabriel Torje) තම ප්‍රතිවාදීන්ගේ දැල අසල පන්දුව රැගෙන ඇදෙන විට මෙම පියාඹන රතිඤ්ඤා කරල ඔහු වෙත ඇදී එයි. ඔළුව නමා එයින් බේරී කිසිදු දෙයක් සිදු නොවුණු සේ නැවතත් පන්දුව රැගෙන ඉදිරියට යයි. නමුත් ඔහුට ගෝලයක් ලබා ගැනීමට නොහැකි වෙයි. නමුත් ඔහුගේ වීරකම වන්නේ පිටස්තර බාධක හමුවේ නොසැලී තම කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ක්‍රීඩා කිරීමයි. නමුත් ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. මෙම තරගයේදී ඩයිනමෝ බුචරෙස්ට් කණ්ඩායම ගෝල 1 -2 ක් ලෙස තරගය පරාජය වේ.

             මෙම ඩයිනමෝ බුචරෙස්ට් (Dinamo Bucharest)  කණ්ඩායමේ ගැබ්රියල් ටොර්ජේගේ (Gabriel Torje) අපූරු සිද්ධිය පහළ තියෙනවා. බලන්නකෝ කොහොමද වැඩේ කියලා? මේ වගේ අපූරු සිද්ධියක් අරන් ආයේ එන්නම්. බායි.

Wednesday, May 25, 2011

13 හැවිරිදි ළමයාගේ අපූරු පාපන්දු පහර : Bicycle Kick



 13 හැවිරිදි ළමයාගේ අපූරු පාපන්දු පහර : Bicycle Kick
                ඔන්න හොට් හොට් නිව්ස් එකක් අරන් සයිබර් පෙරේරා ආයෙත් ආවා. අද ඇමෙරිකාවේ ප්‍රධාන ක්‍රීඩා පුවත බවටත් අන්තර්ජාලයේ ප්‍රධාන ක්‍රීඩා පුවත බවටත් පත් ව තිබෙන්නේ දහතුන් (13) හැවිරදි  ළමයෙකුගේ අපූරු පාපන්දු පහර පිළිබදවයි. මේ දහතුන් හැවිරිදි ළමයාගේ නම කෙනර් ගැලියස් (Kenner Galeas) . මොහු ආර්ලින්ටන් ක්‍රීඩා සංවිධානයේ (Arlington Soccer Association)  අවුරුදු 14 පහළ කණ්ඩායමේ ඉදිරිපෙළ (Forward) ක්‍රීඩකයෙකි . මේ දිනවල ඇමෙරිකාවේ පැවැත්වෙන අවුරුදු 14 පහළ කුසලානයේ (U-14 Cup)  තරගයක දී කෙනර් ගැලියස් (Kenner Galeas) තම ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව අපූරු බයිසිකල් පහරකින් (Bicycle Kick) ගෝලයක් ලබා ගැනීමට සමත් වෙයි. මෙම පහර මේ අවුරුද්දේ මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) කණ්ඩායමේ වේන් රූනී (Wayne Rooney) තම ප්‍රතිවාදීන් වන මැන්චෙස්ටර් සිටි (Manchester City) කණ්ඩායමට එරෙහිව වාර්තා කරන පහරට සමානය. මෙම බයිසිකල් පහර (Bicycle Kick) අති දක්ෂ පාපන්දු ක්‍රීඩයෙකුට ද (Pro Player) ගැසීමට නොහැකි ඉතා අමාරු, අපූර්ව පහරකි. මෙවැනි ඉතා අමාරු, අපූර්ව පහරක් ගැසීමට කෙනර් ගැලියස් (Kenner Galeas)  නැමති ළමයාට හැකිවීම පුදුම සහගත සිදුවීමකි.

            ආර්ලින්ටන් ක්‍රීඩා සංවිධානයේ (Arlington Soccer Association) අවුරුදු 14 පහළ කණ්ඩායමේ පුහුණුකරු වන ලුයිස් ඇලෙන්සෝ මහතා පවසන්නේ කෙනර් (Kenner) ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දෙන ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් බවයි. කෙනර් (Kenner) මුලින්ම කණ්ඩායමට ඉදිරිපත් වී ඇත්තේ පසුපෙළ ක්‍රීඩයෙකු ලෙසිනි. නමුත් ඔහුගේ දස්කම් හා වාසනාව නිසා ඔහුට ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වීමට වරම් උදා වී ඇත. මෙම අපූර්ව දස්කම් නිසාවෙන්ම ඇමෙරිකාවේ හොන්ඩුරාස් පිලට එක්වීමට ද මොහුට අවස්ථා උදා වී ඇත. කෙනර්ට සයිබර් පෙරේරාගේ උණුසුම් සුබ පැතුම්. ඔන්න පල්ලෙහා තියෙනවා මොහුගේ අපූරු බයිසිකල් පහර...හොදද කියලා බලන්නකෝ...


Monday, May 23, 2011

රුසියාවේ ප්‍රථමයා සහ ප්‍රබලයා - මරුසියා

රුසියාවේ ප්‍රථමයා සහ ප්‍රබලයා - මරුසියා 

                    වර්තමානය වන විට විවිධ වර්ගයේ ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) දක්නට ඇත. අද කාලයේ බොහෝ දෙනාගේ සිත් ඇද ගැනීමට මෙම ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) සමත් වී ඇත. අද ලෝකයේ ප්‍රබලම රටක් ලෙස සැලකෙන රුසියාවේද මෙවැනි ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) කෙරෙහි පවතින්නේ මහගු උන්මාදයකි.

                  රුසියාවට මෙවැනි ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) හදුන්වා දී ප්‍රථමවරට එම රටේ මෙවැනි මෝටර් රථ නිෂ්පාදනය ඇරඹුවේ මරුසියා මෝටර් රථ (Marussia Motors) සමාගමයි. වර්තමානය වන විට මෙවැනි සමාගම් රුසියාවේ බොහොමයක් ඇතත් තවමත් ප්‍රථම ස්ථානයේ රැදී සිටීමට මරුසියා මෝටර් රථ (Marussia Motors) සමාගමට හැකි වී තිබෙනවා. 
      
                    දැනට රුසියාවේ වැඩිම ඉල්ලුම සහිත ක්‍රීඩා මෝටර් රථය (Sports Car) බවට පත්වී තිබෙන්නේ මරුසියා B වර්ගයේ මෝටර් රථයයි. මෙම මරුසියා B වර්ගයේ මෝටර් රථ ජාති 2ක් ඇත. ඒ B1 සහ B2 ලෙසයි. මරුසියා B1 වර්ගයේ මෝටර් රථ ලෝකයේම  ඇත්තේ 3000ක් පමණි. මෙය මරුසියා සමාගමේ ප්‍රථම නිෂ්පාදනය වේ. 

                         නමුත් මරුසියා B2 වර්ගයේ මෝටර් රථ ලෝක වෙළදපොලේ ඕන තරම් ඇත. එහි සාමන්‍ය මිල යූරෝ 100,000කි. මෙම මෝටර් රථ ලෝක ප්‍රසිද්ධ වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව බවට පත්වී තිබෙන්නේ මෙහි ඇති සිත් ඇදගන්නා සුළු හැඩයයි (Body Kit). පහත දැක්වෙන්නේ මෙම මරුසියා ක්‍රීඩා මෝටර් රථ කිහිපයකි.