Tuesday, May 31, 2011

Rooney ගෝලයක් වාර්තා කළ තණතිල්ලේ කොටස දැන් eBay එකේ විකිණීමට ඇත : ඉක්මනින් කැමති කස්ටිය ලංසුවක් දාන්න


 Rooney ගෝලයක් වාර්තා කළ තණතිල්ලේ කොටස දැන් eBay එකේ විකිණීමට ඇත  : ඉක්මනින් කැමති කස්ටිය ලංසුවක් දාන්න

                    ඔන්න කස්ටියටම ගුඩ් මෝර්නින්ග් කිව්වා. අද උදේම සයිබර් පෙරේරා ආවේ අපූරු ක්‍රීඩා පුවතක් අරගෙන. හැබැයි මේ නිව්ස් එක අහලා ඔයාලට හිනා යයිද දන්නෙත් නෑ. :ඩී හැබැයි ඉතින් මේක පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන අයට නම් මේ දිනවල රසවත් පුවතක් තමා. මේ නිව්ස් එකෙන් කියන්න යන්නේ eBay එකේ විකුණන්න තියෙන අපූරු දෙයක් පිළිබදව. මේ අපූරු දේ තමා : ඊවූඩ් පාර්ක් (Ewood Park) පාපන්දු ක්‍රීඩාංගනයේ  තණතිල්ලේ එක කොටසක් (ඒ කියන්නේ පිට්ටනියෙන් කපා ගත්ත පිඩැල්ලක්) මේක එන්න එන්නම ගණන් යනවා. දැන් මේ ගැන වැඩි විස්තර කතා කරමුකෝ.

                        ඔයාලා දන්නවනේ එංගලන්තයේ පැවැත්වෙන හොදම සහ තරගකාරීත්වය වැඩිම, ඒ වගේම මුළු ලෝකයේම ජනප්‍රිය පාපන්දු ලීග් තරගාවලිය මොකක්ද කියලා. ඒ  තමා බාර්ක්ලේස් ෆ්‍රීමියර් ලීග් (Barclays Premier League) තරගාවලිය. මේ තරගාවලිය ලෝකයේ ජනප්‍රියම පාපන්දු තරගාවලිය ලෙසත් හදුන්වනවා. ඉතින් මේ තරගාවලියට සහභාගි වෙන්නේ එංගලන්තයේ හොදම කණ්ඩායම් ටික තමා. පසුගිය 14 වෙනිදා මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester Utd.) පිළ සමග තරග වැදුනේ බ්ලැක්බර්න් රෝවස් (Blackburn Rovers) පිළයි. මෙම තරගය පැවැත්වුනේ බ්ලැක්බර්න් රෝවස් පිළේ තණතිල්ලේදී (ඊවූඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී) යි. මෙම තරගය 1 - 1 ක් ලෙස නිමාවුනේ කිසිදු පිළකට ජයග්‍රහණය ලබා නොදෙමිනි. මෙම තරග‍යේ දෙවන භාගය වන විට මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ පරාජයට ලගා වී සිටියේය.  මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ පරාජයෙන් ගලවා ගත්තේ ඉදිරිපෙළ ක්‍රීඩක වේන් රූනිය (Wayne Rooney). ඔහු තම කණ්ඩායමට ගෝලයක් ලබාගන්නේ ඉතා දක්ෂ දඩුවම් පහරක් මාර්ගයෙනි.

                   මෙම ගෝලයත් සමග තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.  මෙම වේන් රූනිගේ ගෝලය බ්ලැක්බර්න් රෝවස් පිළේ ප්‍රේක්ෂකයන්ගේ සියළු බලාපොරොත්තු බිද දැම්මේය. වේන් රූනි තමාගේ ගෝලය වාර්තා කළ ස්ථානයේ (ඒ කියන්නේ ඔහු බෝලයට පහර දුන් ස්ථානයේ) තණතිල්ලේ එම කොටස කපා ඉවත් කරගැනීමට බ්ලැක්බර්න් රෝවස් පිළේ ප්‍රේක්ෂකයෙකු වන එඩී මැක්ස්වෙල් (Eddie Maxwell) මහතාට හැකිවී තිබේ. බ්ලැක්බර්න් රෝවස් පිළේ පාලක මණ්ඩලයේ අවසරය මත ඔහු මෙම පිඩැල්ල කපා ගෙන ඇත. දැන් මෙම කොටස eBay (ඔයාලා දන්නවා ඇතිනේ eBay ගැන) එකේ විකුණන්න දාලා තියෙනවා. හැබැයි ඉතින් ලංසු දාලා තමා  මේක විකුණන්නේ. ලංසුව පටන්ගත්තේ නම්  £400න් ඒත් දැන් £700ටත් අධික ලංසුවක් තමා දාන්න ඕන. පේන විදියට ගාණ එන්න එන්නම ඉහළ යනවා. ඔයාලත් ලංසුවක් දාන්න ආසනම් පහළ තියෙන වේන් රූනිගේ රූපය උඩ ක්ලික් කරන්න.


No comments:

Post a Comment