Tuesday, May 31, 2011

ගූගල් වොලට් සේවාව ලගදීම හදුන්වාදෙයි : PayPal යුද්ධයට සූදානම් වෙයි ද?



 ගූගල් වොලට් සේවාව ලගදීම හදුන්වාදෙයි : PayPal යුද්ධයට සූදානම් වෙයි ද?

                 ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාර කියන්න යන්නේ ටෙක්නිකල් නිව්ස් එකක් ගැන. ඉස්සෙල්ලා අරන් ආපු නිව්ස් එක දුක හිතෙන එකක්නේ. ඒ හින්දා මේ පාර සතුටු හිතෙන නිව්ස් එකක් තමයි අරන් ආවේ. මේ නිව්ස් එකෙන් කියන්න යන්නේ ගූගල් සමාගම සම්බන්ධ දෙයක්. අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙක් ගූගල් සමාගම කියන්නේ මොන වගේ සමාගමක්ද කියලා දන්නවනේ. මේ සමාගම අළුත්ම සේවාවක් ලෝකයට හදුන්වා දෙන්න මේ ටිකේ සූදානම් වෙනවා.ඔයාලා අහලා ඇතිනේ Pay Pal ගැන. Pay Pal කියන්නේ අන්තර්ජාලය ඔස්සේ වඩා ආරක්ෂාකාරී සහ විධිමත් ලෙස මුදල් ගනුදෙනු කරන්න පුළුවන් පහසු ගෙවීම් පද්ධතියක්. හැබැයි ඉතින් මෙයාලට බඩේ පාර වදින්න තමා යන්නේ. මොකද ගූගල් සමාගම හදුන්වා දෙන්න යන්නේ මෙවැනි සේවා පද්ධතියක්. එහෙනම් දැන් අපි ඒ ගැන කතා කරමුකෝ.

                    මෙම සේවාවට ගූගල් වොලට් (Google Wallet) කියලා තමයි නම දාලා තියෙන්නේ. මෙම සේවාව ජංගම ගෙවීම් පද්ධතියක් (Mobile Payment System) මුල් කරගත්තු සේවාවක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ සේවාව භාවිතා කරලා බඩුවක් මිලදී ගන්නවා වගේ අන්තර්ජාල ආශ්‍රිත ගනුදෙනු පහසුවෙන් හා වේගයෙන් කරගන්න. ඔයාලා Pay Pal පාවිච්චි කරලා තියෙනවනම් මේ ගැන දන්නවා ඇතිනේ. මෙය ඇන්ඩ්ඩ්‍රොයිඩ් (Android) ඇප්ලිකේශන් (Application) එකක්ය. මෙය සියළුම ෆැලට්ෆෝම් (Platform) සමග භාවිතා කිරීමට හැකිවීම  විශේෂත්වයකි. මේ වන විටත් ගූගල් සමාගම මෙම සේවාව පුළුල් කිරීම සදහා විවිධ ලෝක ප්‍රසිද්ධ සමාගම් සමග ගිවිසුම් අත්සන් කර ඇත. මාස්ටර් කාඩ්(Master Card), සිටි (Citi), ස්ප්‍රින්ට් (Sprint), ෆස්ට් ඩේටා (First Data) වැනි සමාගම් ගූගල් සමාගම සමග දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇත. තව ද මොවුන් සමග එක් වී තම පාරිභෝගියන්ට විවිධ දීමනා (Discounts, Promotions, Loyalty Rewards) ලබා දීමටද ගූගල් වොලට් සූදානම්ව සිටින බව විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.

                   හැබැයි ඉතින් මේ ඔක්කොම දේවල් Pay Pal සමාගමට නම් දුක හිතෙන දේවල් තමයි. ගූගල් වොලට් Pay Pal සමාගමට එල්ල කරන්නේ ලොකුම ලොකු අභියෝගයක්. මෙයාලත් තමන්ගේ පාරිභෝගිකයන්ට මොනා හරි දීමනාවක් දෙන්න දැන් ඉදන්ම සූදානම් වෙනවා ඇති. අපිට පුළුවන් දැන් මේ දෙගොල්ලෝ අතර සීතල යුද්ධයක් බලාගන්න. බලමුකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ගූගල් වොලට් සේවාව ගැන දැනට කියන්න තියෙන්නේ ඔච්චරයි. තවත් මේ ගැන දැන ගත්තු ගමන්ම එන්නම්කෝ. එහෙනම් නිකං ඉන්න එපා සයිබර් පෙරේරාව ෆලෝ කරන්න. නැත්නම් අළුත් නිව්ස් මග හැරෙයි.

5 comments:

  1. හත්මාළුවෙ මේ පෝස්ට් එක දැකලයි මම ආවේ. අයියෝ ඔයා ගම කාලනේ. මේ සේවාවෙ නම ගූගල් වැලට් නෙමෙයි වොලට් (Wallet) වෙන්න ඕන. වොලට් කියන්නේ මුදල් පසුම්බියටනේ. වැරැද්දක් පෙන්නල දුන්නට අමනාප වෙන එකක් නෑ කියලා හිතනව.

    ReplyDelete
  2. ඔව් මේකෙ නම වොලට්. මේක ගූගල් ලා ළගදී සල්ලි වලට ගත්ත සමාගමක් ද කොහෙද... මීට කලින් මම ඔබ ගැන අහලා තියෙනවා මතකයි.

    ReplyDelete
  3. සොබනි ඔයාට ගොඩක් ස්තූතියි... :ඩී

    ReplyDelete
  4. ශහ්. ඔයා හරි හොඳ කොල්ලෙක් ඉසුරු (සයිබර්) පෙරේරා. දැන් ඉතින් මේ කොමෙන්ටු ටික මකලා දාන්න. පෝස්ට් එකේ වැරැද්ද හරි ගස්සල නේ තියෙන්නෙ. :D

    ReplyDelete
  5. Google wallet කෙටි කාලයකින් එච්චරම ප්‍රසිද්ධ වෙයි කියල මට නම් හිතෙන්නෙ නෑ. මොකද මුදල් සම්බන්ධ ගනුදෙනු වලදි මිනිස්සු ආවට ගියාට තීරණ ගන්නෙ නෑනේ. ඒ වුණත් දැන් Pay palලටත් පරිස්සමින් ඉන්න වෙයි. මොකද එයාලටත් දැන් competitor කෙනෙක් ඉන්නවා. ඒකත් එසේ මෙසේ competitor කෙනෙක් නෙමෙයිනේ.

    ReplyDelete