Tuesday, May 31, 2011

සුපිරි හිප් පොප් ගායක Sean Kingston හදිසි අනතුරකට ලක්වේ!

 සුපිරි හිප් පොප් ගායක Sean Kingston හදිසි අනතුරකට ලක්වේ!

             සයිබර් පෙරේරා මේ පාර ආවේ දුක හිතෙන නිව්ස් එකකුත් අරගෙන. ඇමෙරිකාවේ සහ මුළු ලෝකයේම ජනප්‍රිය ගායකයෙක් පෙරේදා අනතුරකට ලක්වුනා. ඔයාලා දැනටමත් මේ නිව්ස් එක දන්නවත් ඇති. මේ හදිසි අනතුරකට ලක්වෙලා ඉන්නේ සුපිරි සහ ජනප්‍රිය හිප් පොප් (Hip Hop) ගායක ශෝන් කින්ග්ස්ටන් (Sean Kingston). මොහු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා. එහෙනම් මේ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ.

               මොහු මේ අනතුරට ලක්වුනේ කෙල්ලෙක් සමග වතුර යාත්‍රාවක (Watercraft) ගමන් කරමින් යන විටදීය. සිද්ධිය දුටුවන් පවසන අන්දමට ඉරිදා හවස 6.00ට පමණ මොවුන් දෙදෙනාගේ වතුර යාත්‍රාව (Watercraft) ෆ්ලොරිඩාවල තිබෙන ෆාම් දූපත් පාලමේ (Palm Island Bridge) හැප්පී ඇත. එම අවස්ථාවේදී ම මොවුන් දෙදෙනාව දැඩි සත්කාර ඒකකයට ගෙන ගොස් ඇත. මෙය දැනගත් මොහුගේ පවුලේ උදවිය යාච්ඤා කරමින් මොහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජෝශප් කැරොස්සා මහතා පවසයි.

           මේ හදිසි අනතුර පිළිබද දැනගත් ජස්ටින් බීබර් (Justin Bieber) ටුවිටර් (Tweeter) වෙබ් අඩවිය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශෝන් කින්ග්ස්ටන්ගේ (Sean Kingston) ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් යාච්ඤාවේ යෙදෙන ලෙසයි. ඔන්න ඉතින් මම දන්න විදියට විස්තරේ ඕගොල්ලන්ට කිව්වා. අපිත් ශෝන් කින්ග්ස්ටන්ට (Sean Kingston) ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

No comments:

Post a Comment