Showing posts with label චිත්‍රපටි. Show all posts
Showing posts with label චිත්‍රපටි. Show all posts

Saturday, May 28, 2011

වීරයන්ගෙත් වීරයා වන සුපර් මෑන්ගේ රූපවාහිනි කතාන්දරය : SmallVille


වීරයන්ගෙත් වීරයා වන සුපර් මෑන්ගේ රූපවාහිනි කතාන්දරය : SmallVille

                   
                 සුපිරි වීරයන් ගැන කොතෙකුත් කතා සෑදී තිබුණත් ඒවා සියල්ල අතරින් ඉතා ඉහළ තැනක් ගැනීමට සමත්ව අති රූපවාහිනී කතා මාලාවක් ලෙස  Smallville හැදින්වීමමට පුළුවන.ක්ලාර්ක් කෙන්ට් (Clark Kent) නම් තරුණයා වටා ගෙතී ඇති මෙම රූපවාහිනී කතා මාලාව ලොව පුරා වෙසෙන තරුණ පිරිස අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

                  මෙම කතාවෙන් කියැවෙන්නේ ක්‍රිප්ටෝන් නැමති ග්‍රහලොවේ සිට පෘථිවියට එවනු ලබන ක්ලාර්ක් කෙන්ට් (Clark Kent) නම් තැනැත්තා ගැනයි. ඔහුව පෘථිවියට එවූ පසු ඔහුගේ මවු ග්‍රහලොව විනාශයට පත් වෙයි. ක්ලාර්ක්ගේ පැමිණීමත් සමඟ පෘථිවියට ඇද වැටෙන ගල් කැබලි සමහර පෘථිවි වැසියන්ට විවිධ අසාමාන්‍ය හැකියා ලබා දෙන අතර ඒවා උපයෝගී කරගනිමින් ඔවුන් විවිධ අපරාධ වල නියැලෙති.
                  
                      ක්ලාර්ක්ටද අසාමාන්‍ය හැකියා උපතේදීම ලැබී තිබේ. ඒ ඔහු පිටසක්වළ වැසියෙකු නිසා ය. ක්ලාර්ක් එම හැකියා යොදාගන්නේ අපරාධ වලට එරෙහිවයි. ඔහුගේ එම සේවයට ඹහුගේ මිතුරන්ද උදව් කරයි. Lex  නැමැත්තා විවිධ අත්හදාබැලීම් වල නිරත වෙයි. ඔහුවද නිතර බේරාගන්නේ Clark ය. ඔහුව පෘථිවියේදී හදාවඩා ගන්නා දෙමව්පියන්ද නිතරම වෙහෙසෙන්නේ එම රහස රැක ගැනීමටයි.. අවසානයේ එම රහස රැක ගැනීමට ඔවුන්ට හැකි ‍වේද?
                   
                   Season 10 කින් සමන්විත වන මෙම  රූපවාහිනී කතා මාලාව ත්‍රාසය, කුතුහලය, විශ්මය සහ ආදරය කැටි කොට ගත්තකි. Super Man කථාන්දරය ඇසුරින් මෙය නිර්මාණය කර ඇත. Clark ලෙස Tom Welling ද  Lana ලෙස Kristin Kaeuk ද  Lex ලෙස Michael Rosenbaum ද අනෙක් චරිත Allison Mark, Erica Durance, John Gover, Annette O’Toole  හා  John Schneider රඟ දක්වයි. පහත තියෙනවා season 1 - 9 වෙනකම්, කැමති අය ඉන්නවනම් බාගෙන මෙම කතා මාලාව  මුල ඉදන්ම බලන්නකෝ.

Thursday, May 26, 2011

ජස්ටින් බීබර් රගපාන පළමු චිත්‍රපටිය : Justin Bieber: Never Say Never


ජස්ටින් බීබර් රගපාන පළමු චිත්‍රපටිය : Never Say Never
                     ඔන්න සයිබර් පෙරේරා උදේ පාන්දරින්ම ආවා ෆිල්ම් එකක් ගැන කියන්න. හැබැයි මම මේ ෆිල්ම් එක ගැන කියන්න පරක්කු වැඩිද මන්දා? කමක් නෑ වැඩේට එන්ටර්ර්ර් වෙමුකෝ. අද ගොඩක් දෙනෙක්  (වැඩියෙන්ම කෙල්ලෝ) ආස කරන ගායකයා කවුද කියලා ඇහුවොත් කට්ටියම කියන්නේ ඉතින් ජස්ටින් බීබර් (Justin Bieber) කියලනේ. ජස්ටින් බීබර් කියන්නේ වර්තමානයේ ලෝකයේ සිටිනා ප්‍රසිද්ධම පොප් (Pop) ගායකයා.(වැරදියට තේරුම් ගන්න එපා ලෝකයේ ප්‍රසිද්ධම ගායකයා එමිනෙම් (Eminem). මෙයා පොප් වල හොදම ගායකයා විතරයි.) ඔන්න ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙයාගේ ගැන කියැවෙන චිත්‍රපටියක් ගැන. ඒ චිත්‍රපටියේ නම තමා :-

                     Justin Bieber: Never Say Never


                    මේ චිත්‍රපටිය මමත් තාම බලලා නෑ. ඒ හින්දා මේ කතාවෙන් මොනා ගැන කියෙවනවද කියලා මට හරියටම කින්න බෑ.  හැබැයි මෙම චිත්‍රපටියෙන්  කියැවෙන්නේ ජස්ටින් බීබර් (Justin Bieber) ගැන කියලා නම් දන්නවා. :ඩී මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂක ජෝන් චූ (Jon Chu) විසින්. මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න පස් දෙනෙක් සහය වෙලා තියෙනවා. එයින් වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ  ප්‍රසිද්ධ Usher කියන ගායකයා. අනිත් හතර දෙනා තමා : Jane Lipsitz, Dan Cutforth, Scooter Braun, Antonio "L.A." Reid... මෙහි ප්‍රධාන නළුවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. චිත්‍රපටියෙන් කියැවෙන්නේ ජස්ටින් බීබර් (Justin Bieber) ගැන නම් ඉතින් ප්‍රධාන නළුවාත් එයාමයි කියලා දන්නවනේ. :පී


                    මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඇමෙරිකන් ඩොලර් මිලියන 13ක් වියදම් කරලා තියෙනවා. විනාඩි 105ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ මේ අවුරැද්දේ පෙබරවාරි 11 වෙනිදා. ඒත් මට ඔරිජිනල් ටොරන්ට් එකක් හොයාගන්න බැරි වුන නිසා පෝස්ට් එක දාන්න පොඩ්ඩක් පරක්කු වුනා. මාත් මේ චිත්‍රපටිය බලලා නැති නිසා මේක ගැන ලොකු විස්තරයක් කියන්න බෑ. හැබැයි මේකේ ප්‍රසිද්ධ ගායකයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා කියලා දන්නවා. Usher, Miley Cyrus, Jaden Smith, Sean Kingston, Snoop Dogg, Ludacris, Boyz II Men වැනි කස්ටිය මේකේ ඉන්නවා . එහෙනම් ඔන්න බලපු නැති කට්ටිය පහළින් බාගෙන බලන්නකෝ හොදද කියලා...


Sunday, May 22, 2011

යක්ෂයෙක් බදු මිනී මස් කන උගන්ඩා පාලකයා ගැන කියැවෙන අපූර්ව චිත්‍රපටිය : Rise & Fall Of Idi Amin

            යක්ෂයෙක් බදු මිනී මස් කන උගන්ඩා පාලකයා ගැන කියැවෙන අපූර්ව චිත්‍රපටිය : Rise & Fall Of Idi Amin


                   අද මම ලියන්න යන්නේ මම බලපු ඉතා බිහිසුණු, සත්‍ය කතාවක් පාදක කොට ගෙන නිපදවා ඇති චිත්‍රපටයක් ගැන. ඒ ෆිල්ම් එකේ නම තමා : Rise & Fall Of Idi Amin. මෙය 1981 දී, ඒ කියන්නේ දැනට අවුරුදු 30කට විතර කලින් නිර්මාණය කළ එකක්. එතරම් පරණ චිත්‍රපටියක් වුවත් මෙහි ඇති ප්‍රසිද්ධියේ නම් කිසිදු අඩුවක් දක්නට ලැබෙන්නේ නෑ. මේ කතාවෙන් කියැවෙන්නේ හිටපු උගන්ඩා පාලකයෙකු වූ ඉබි යමින් පිළිබදවයි. සත්‍ය කතාවක් අලලා නිමැවුණු චිත්‍රපටියක් නිසා ඉතා ආසවෙන් රස විදින්න පුළුවන්. 

               මෙම චිත්‍රපටිය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කර ඇත්තේ ෂාරඩ් පටෙල් මහතා විසින්ය. ප්‍රධාන චරිතය හෙවත් ඉඩි අමින්ගේ චරිතයට පණ පොවන්නේ ජෝශප් ඔලීටා මහතාය. මෙම උගන්ඩා පාලකයා කිසියම් මානසික විකෘති තාවයෙකින් පෙළෙන්නෙකි. ඔහු සෑමදාම පාහේ කෙල්ලෙක් හෝ ගැහැණියක් දූෂණය කර මර දමා එම තැනැත්තියගේ මස් අනුභව කරයි. මෙම පාලකයා උගන්ඩාවේ බලයට පත්වන්නේ 1971දීය. මොහුගේ පාලන කාලය 1979දී අවසන් වේ. ඒ උගන්ඩා-ටාස්නියා යුද්ධයත් සමගය. 

                     විනාඩි 101 පුරා දිව යන මෙම චිත්‍රපටිය නිපදවීම සදහා ඇ.ඩො. මිලියන 36ක් වියදම් කර ඇත.  මෙම කෘර පාලකයා ගැන කියැවෙන  Rise & Fall Of Idi Amin ඔබ තාම නරඹා නැතිනම් අදම පහත ඇති රෑපය උඩ ක්ලික් කර බාගත කරගෙන නරඹන්න. සත්‍ය කතාවක් නිසා මෙය ඉතා ලස්සන චිත්‍රපටියකි. පහත ඇති රූපය උඩ ක්ලික් කර එය බාගන්න. ලින්කුව අනිවා වැඩ. 100% ෂුවර්. ඉක්මන් කරන්න නැත්නම් සීඩර්ස්ලා නැති වෙයි පහුවෙද්දී.



Thursday, May 19, 2011

Fast Five නොහොත් වේගවත් පහ

                 Fast Five නොහොත් වේගවත් පහ


            ඔයාලා ආස කරන Fast & Furious ෆිල්ම් සීරිස් එකේ 5වැනි කොටස දැන් නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට  පණ පොවන්නේ  Vin Diesel , Jordana Brewster, Paul Walker යන තිදෙනායි. ඔයාලා කලින් කොටස් 4 බලලා තියෙනවනම් මේ තුන්දෙනා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Lin යි... මෙම චිත්‍රපටිය නිර්මාණය කරන්න ඇ.ඩො. මිලියන 125ක් වියදම් කරලා තියෙනවා... විනාඩි 130 පුරාවට දිව යන මෙම චිත්‍රපටිය Universal Pictures විසින් නිෂ්පාදනය කළ එකක්... ලෝකයේ දැනට තිබෙන වේගවත් කාර් රැසක් මෙම විත්‍රපටිය තුළ අන්තර්ගතයි...මෙම අපූරු විත්‍රපටිය බලන්න ආස කට්ටිය පහළ ලින්කුවෙන් ගොස් එය බාගත කරගන්න... 



              ඔයාලා ආස කරන අළුත් හෝ පරණ ෆිල්ම් බාගන්න ලින්කුවක් සොයා ගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න... තවත් අළුත් ෆිල්ම් එකක් අරන් මං ආයෙත් එන්නම්... ටටා...ලොල්!!!