Sunday, May 22, 2011

යක්ෂයෙක් බදු මිනී මස් කන උගන්ඩා පාලකයා ගැන කියැවෙන අපූර්ව චිත්‍රපටිය : Rise & Fall Of Idi Amin

            යක්ෂයෙක් බදු මිනී මස් කන උගන්ඩා පාලකයා ගැන කියැවෙන අපූර්ව චිත්‍රපටිය : Rise & Fall Of Idi Amin


                   අද මම ලියන්න යන්නේ මම බලපු ඉතා බිහිසුණු, සත්‍ය කතාවක් පාදක කොට ගෙන නිපදවා ඇති චිත්‍රපටයක් ගැන. ඒ ෆිල්ම් එකේ නම තමා : Rise & Fall Of Idi Amin. මෙය 1981 දී, ඒ කියන්නේ දැනට අවුරුදු 30කට විතර කලින් නිර්මාණය කළ එකක්. එතරම් පරණ චිත්‍රපටියක් වුවත් මෙහි ඇති ප්‍රසිද්ධියේ නම් කිසිදු අඩුවක් දක්නට ලැබෙන්නේ නෑ. මේ කතාවෙන් කියැවෙන්නේ හිටපු උගන්ඩා පාලකයෙකු වූ ඉබි යමින් පිළිබදවයි. සත්‍ය කතාවක් අලලා නිමැවුණු චිත්‍රපටියක් නිසා ඉතා ආසවෙන් රස විදින්න පුළුවන්. 

               මෙම චිත්‍රපටිය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කර ඇත්තේ ෂාරඩ් පටෙල් මහතා විසින්ය. ප්‍රධාන චරිතය හෙවත් ඉඩි අමින්ගේ චරිතයට පණ පොවන්නේ ජෝශප් ඔලීටා මහතාය. මෙම උගන්ඩා පාලකයා කිසියම් මානසික විකෘති තාවයෙකින් පෙළෙන්නෙකි. ඔහු සෑමදාම පාහේ කෙල්ලෙක් හෝ ගැහැණියක් දූෂණය කර මර දමා එම තැනැත්තියගේ මස් අනුභව කරයි. මෙම පාලකයා උගන්ඩාවේ බලයට පත්වන්නේ 1971දීය. මොහුගේ පාලන කාලය 1979දී අවසන් වේ. ඒ උගන්ඩා-ටාස්නියා යුද්ධයත් සමගය. 

                     විනාඩි 101 පුරා දිව යන මෙම චිත්‍රපටිය නිපදවීම සදහා ඇ.ඩො. මිලියන 36ක් වියදම් කර ඇත.  මෙම කෘර පාලකයා ගැන කියැවෙන  Rise & Fall Of Idi Amin ඔබ තාම නරඹා නැතිනම් අදම පහත ඇති රෑපය උඩ ක්ලික් කර බාගත කරගෙන නරඹන්න. සත්‍ය කතාවක් නිසා මෙය ඉතා ලස්සන චිත්‍රපටියකි. පහත ඇති රූපය උඩ ක්ලික් කර එය බාගන්න. ලින්කුව අනිවා වැඩ. 100% ෂුවර්. ඉක්මන් කරන්න නැත්නම් සීඩර්ස්ලා නැති වෙයි පහුවෙද්දී.



No comments:

Post a Comment