Media ෆයිල් Copy Protect කරන්න නියම වැඩකාරයා : Copy Protect
ඔන්න ඉතින් කස්ටියටම සුභම සුභ උදෑසනක් වේවා. සයිබර් පෙරේරා අද උදෙන්ම ආවේ පට්ට මෘදුකාංගයක් අරන්. මේ මෘදුකාංගයේ නම තමා : Copy Protect . එහෙනම් අපි මේකෙන් කරන්න පුළුවන් මොනවද කියලා කතා කරමුකෝ. ඔයාලා ගොඩක් කස්ටිය ආසයිනේ ඔයාලා CD එකක් හරි DVD එකක් හරි රයිට් (write) කළාම ඒක වෙන කවුරු හරි කොපි කරන එක නවත්තන්න.(ඒ කියන්නේ Copy Protect කරන්න) ඔන්න අද මම ගෙනාව මෘදුකාංගෙන් ඔයාලට ඒ ආසාව ඉෂ්ඨ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ සොෆ්වේයාර් එක ඔයාලටත් වඩා ඕන වෙන්නේ බිස්නස් කරන කට්ටියට. මේ මෘදුකාංගය එතරම් වටින කියන එකක්. මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා විවිධ වර්ගයේ Video, Audio, Photo සහ Document ෆයිල් Copy Protect කරන්න ඔයාලටත් පුළුවන්.
මේකේ වටිනාකම ඉතා ඉහළයි. හරියටම කිව්වොත් $69.99ක් වෙනවා. ඒ වගේම මේකේ තියෙන වැඩ කෑලිත් ඉතින් ඒ වගේම වැඩියි. මේක ඔබට අවශ්‍ය ඕනම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සමග පාවිච්චි කරන්න පුළුවන්. පහළ තියෙන්නේ මේ මෘදුකාංගයේ තිබෙන තවත් විශේෂ ලක්ෂණ ටිකක්. හැබැයි ඒ ටික නම් ඉංගිරිසියෙන් තියෙන්නේ.
මේ මෘදුකාංගයත් සම්මාන රැසක් දිනලා තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවනේ මේ මෘදුකාංගය මගින් කරගන්න පුළුවන් මොනවද කියලා. මේකේ තියෙන ගුණාංගයන් ටිකක් මම සිංහලෙන් කියන්නම්කෝ. මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පහසු, ඒ වගේම ඉතා වේගවත් මෘදුකාංගයක්. ඔයාලාට අවශ්‍ය මීඩියා ෆයිල් වැනි දේවල් Copy Protect කරගන්න මේ සොෆ්ට් එකෙන් පුළුවන්. ඔය කියෙව්ව හොදටම ඇතිනේ. මම තාම මේ මෘදුකාංගය භාවිතා කරල නම් නෑ. ඔයාලා බාගෙන බලන්නකෝ කොහොමද මේකේ වැඩ කිඩ කියලා.ඔන්න පහළ තියෙනවා, බාගන්නකෝ ඕන කස්ටිය.















