Friday, May 27, 2011

අනවශ්‍ය දත්ත වලින් අප පරිගණකය සුරකින සුපිරි බුලට් එක : Advanced SystemCare Free 4


 අනවශ්‍ය දත්ත වලින් අප පරිගණකය සුරකින සුපිරි බුලට් එක : Advanced SystemCare Free 4


             ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. දැන් මං කියන්න යන්නේ අපූරුම අපූරු මෘදුකාංගයක් ගැන. පරිගණකයක් ෆෝමැට් නොකර මාස 6 ක් වගේ පාවිච්චි කරද්දී අනවශ්‍ය දත්ත අප පරිගණකයට ඇතුළ් වෙනවා. ඉතින් මේ වගේ දත්ත නිසා අපේ පරිගණකයේ වේගය අඩාල වෙනවා. මෙවැනි දත්ත මකා දමා පරිගණකයේ වේගය සැළකිය යුතු මට්ටමකින් හෝ වැඩි කිරීමට සමත් අපූරු මෘදුකාංගයක් තමා : Advanced SystemCare Free 4 කියන්නේ. මෙය භාවිතා කිරීමෙන්, අපට  අප පරිගණකය ආරක්ෂා කරගනිමින් අනවශ්‍ය දත්ත මකා ගැනීමට පුළුවන්.


             මෙම මෘදුකාංගය 2006 සිට මිලියන 100ක් ජනතාව බාගත කරගෙන තියෙනවා. මෙය ඉතා අපූර්ව, සම්මාන රැසක් දිනාගත් මෘදුකාංගයක්. Advanced SystemCare Free 4 මෘදුකාංගය 100% ඇඩ්වෙයාර්,ස්පයිවෙයාර් හා වෛරස් වැනි පරිගණකයට අහිතකර දත්ත වලින් තොර ඉතා හොද මෘදුකාංගයකි. ඔබත් මෙය බාගත කරගැනීමට දැන් පෙළඹෙනවා නොඅනුමානයි. හැබැයි ඊට කළින් පහළ තියෙන අවම අවශ්‍යතා ඔබ පරිගණකය සතුදැයි පරීක්ෂා කර බලන්න.

Operating Systems Supported

  • Microsoft® Windows® 7 (32-bit and 64-bit) Starter/ Home Basic/Home Premium/Professional/Ultimate
  • Microsoft® Windows® Vista (32-bit and 64-bit) Starter/Home Basic/Home Premium/Business /Ultimate
  • Microsoft® Windows® XP (32-bit and 64-bit) with SP2/SP3 or Home/Professional/Media Center
  • Microsoft® Windows® 2000

Hardware Requirements

  • 300 MHz processor or faster processor
  • 256 MB of RAM
  • 30 MB of free hard disk space
          මෙම අවම අවශ්‍යතාවත් ඔබ පරිගණකයේ තිබේනම් පහතින් මෙය බාගන්න.(100% නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි.)

1 comment:

  1. නොදකින් කොපියා..ඕක මගෙ බ්ලොග් එකේ දැම්මා යකෝ..තෝ ඒක කොපි කරා නේද බොල..තොගෙ බ්ලොග් එකට හිට්ස් නෑ කියල මම මොනා කරන්නද බොල..

    ReplyDelete