Thursday, May 26, 2011

ජස්ටින් බීබර් රගපාන පළමු චිත්‍රපටිය : Justin Bieber: Never Say Never


ජස්ටින් බීබර් රගපාන පළමු චිත්‍රපටිය : Never Say Never
                     ඔන්න සයිබර් පෙරේරා උදේ පාන්දරින්ම ආවා ෆිල්ම් එකක් ගැන කියන්න. හැබැයි මම මේ ෆිල්ම් එක ගැන කියන්න පරක්කු වැඩිද මන්දා? කමක් නෑ වැඩේට එන්ටර්ර්ර් වෙමුකෝ. අද ගොඩක් දෙනෙක්  (වැඩියෙන්ම කෙල්ලෝ) ආස කරන ගායකයා කවුද කියලා ඇහුවොත් කට්ටියම කියන්නේ ඉතින් ජස්ටින් බීබර් (Justin Bieber) කියලනේ. ජස්ටින් බීබර් කියන්නේ වර්තමානයේ ලෝකයේ සිටිනා ප්‍රසිද්ධම පොප් (Pop) ගායකයා.(වැරදියට තේරුම් ගන්න එපා ලෝකයේ ප්‍රසිද්ධම ගායකයා එමිනෙම් (Eminem). මෙයා පොප් වල හොදම ගායකයා විතරයි.) ඔන්න ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙයාගේ ගැන කියැවෙන චිත්‍රපටියක් ගැන. ඒ චිත්‍රපටියේ නම තමා :-

                     Justin Bieber: Never Say Never


                    මේ චිත්‍රපටිය මමත් තාම බලලා නෑ. ඒ හින්දා මේ කතාවෙන් මොනා ගැන කියෙවනවද කියලා මට හරියටම කින්න බෑ.  හැබැයි මෙම චිත්‍රපටියෙන්  කියැවෙන්නේ ජස්ටින් බීබර් (Justin Bieber) ගැන කියලා නම් දන්නවා. :ඩී මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂක ජෝන් චූ (Jon Chu) විසින්. මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න පස් දෙනෙක් සහය වෙලා තියෙනවා. එයින් වැඩි දායකත්වයක් දක්වලා තියෙන්නේ  ප්‍රසිද්ධ Usher කියන ගායකයා. අනිත් හතර දෙනා තමා : Jane Lipsitz, Dan Cutforth, Scooter Braun, Antonio "L.A." Reid... මෙහි ප්‍රධාන නළුවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. චිත්‍රපටියෙන් කියැවෙන්නේ ජස්ටින් බීබර් (Justin Bieber) ගැන නම් ඉතින් ප්‍රධාන නළුවාත් එයාමයි කියලා දන්නවනේ. :පී


                    මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඇමෙරිකන් ඩොලර් මිලියන 13ක් වියදම් කරලා තියෙනවා. විනාඩි 105ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ මේ අවුරැද්දේ පෙබරවාරි 11 වෙනිදා. ඒත් මට ඔරිජිනල් ටොරන්ට් එකක් හොයාගන්න බැරි වුන නිසා පෝස්ට් එක දාන්න පොඩ්ඩක් පරක්කු වුනා. මාත් මේ චිත්‍රපටිය බලලා නැති නිසා මේක ගැන ලොකු විස්තරයක් කියන්න බෑ. හැබැයි මේකේ ප්‍රසිද්ධ ගායකයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා කියලා දන්නවා. Usher, Miley Cyrus, Jaden Smith, Sean Kingston, Snoop Dogg, Ludacris, Boyz II Men වැනි කස්ටිය මේකේ ඉන්නවා . එහෙනම් ඔන්න බලපු නැති කට්ටිය පහළින් බාගෙන බලන්නකෝ හොදද කියලා...


1 comment:

  1. හැමදාම අලුත් එවා දෙන ඉසුරු අයියට තව තවත් අලුත් ඒවා දෙන්න පුලුවන් වේවා. ටොරෙන්ට් එකට තෑන්කු වේවා

    ReplyDelete