Saturday, May 28, 2011

රතිඤ්ඤා කරලට බිය නොවී ඉදිරියට ඇදෙන වීරයා : Gabriel Torje


 රතිඤ්ඤා කරලට බිය නොවී ඉදිරියට ඇදෙන වීරයා : Gabriel Torje

                ඔන්න සයිබර් පෙරේරා ආයේ ආවා. අද මං කියන්න යන්නේ ක්‍රීඩාවට සම්බන්ධ වූ පට්ට නිව්ස් එකක් ගැන. පාපන්දු ක්‍රීඩාව කියන්නේ දවසින් දවස නොයෙක් ආකාරයේ අපූරු සිදුවීම් වාර්තා වෙන ක්‍රීඩාවක්නේ. ඔන්න මට පාපන්දු ක්‍රීඩා‍වේ ඇති වුණු එක අපූරු සිද්ධියක් හම්බ වුනා. පාපන්දු ක්‍රීඩාව කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම හා ප්‍රසිද්ධම ක්‍රීඩාවයි. පාපන්දු තරගයක් අතරතුරදී ඇතිවුණු පට්ට සිදුවීමක් තමා මම අද කියන්න යන්නේ. තරගයක් අතරතුරදී ප්‍රේක්ෂකයන්ගෙන් කිසියම් බාධාවක් ඇති වුනොත් තරගය මද වෙලාකට හෝ නතර කරලා එම බාධාව වියැකී ගිය පසු පමණයි, නැවත සෙල්ලම් කිරීමට පටන් ගන්නේ. 

           මේ දිනවල රොමේනියාවේ (Romania) පාපන්දු කුසලානය පැවැත් වෙනවා. මෙම තරග මාලවේ එක් තරගයකදී අපූරු සිද්ධියක් වාර්තා වුනා. මේ අපූරු සිද්ධිය වාර්තා වුනේ ඩයිනමෝ බුචරෙස්ට් (Dinamo Bucharest) සහ ස්ටිඅයුආ බුචරෙස්ට් (Steaua Bucharest) කණ්ඩායම් අතර පැවති තරගයේදීයි. ඩයිනමෝ බුචරෙස්ට් (Dinamo Bucharest) කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන ගැබ්රියල් ටොර්ජේ (Gabriel Torje) ඉතා දක්ෂ ලෙස පන්දුව පාලනය කරගෙන ප්‍රතිවාදීන්ගේ දැල වෙත ඇදෙද්දී තම පිලේම ප්‍රේක්ෂකයෙකුගේ අදිසි ක්‍රියාවකට මුහුණ දීමට සිදුවෙයි. ඒ පියාඹන රතිඤ්ඤා කරලක් නිසාවෙනි. ගැබ්රියල් ටොර්ජේ (Gabriel Torje) තම ප්‍රතිවාදීන්ගේ දැල අසල පන්දුව රැගෙන ඇදෙන විට මෙම පියාඹන රතිඤ්ඤා කරල ඔහු වෙත ඇදී එයි. ඔළුව නමා එයින් බේරී කිසිදු දෙයක් සිදු නොවුණු සේ නැවතත් පන්දුව රැගෙන ඉදිරියට යයි. නමුත් ඔහුට ගෝලයක් ලබා ගැනීමට නොහැකි වෙයි. නමුත් ඔහුගේ වීරකම වන්නේ පිටස්තර බාධක හමුවේ නොසැලී තම කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ක්‍රීඩා කිරීමයි. නමුත් ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. මෙම තරගයේදී ඩයිනමෝ බුචරෙස්ට් කණ්ඩායම ගෝල 1 -2 ක් ලෙස තරගය පරාජය වේ.

             මෙම ඩයිනමෝ බුචරෙස්ට් (Dinamo Bucharest)  කණ්ඩායමේ ගැබ්රියල් ටොර්ජේගේ (Gabriel Torje) අපූරු සිද්ධිය පහළ තියෙනවා. බලන්නකෝ කොහොමද වැඩේ කියලා? මේ වගේ අපූරු සිද්ධියක් අරන් ආයේ එන්නම්. බායි.

No comments:

Post a Comment