Saturday, May 28, 2011

වීරයන්ගෙත් වීරයා වන සුපර් මෑන්ගේ රූපවාහිනි කතාන්දරය : SmallVille


වීරයන්ගෙත් වීරයා වන සුපර් මෑන්ගේ රූපවාහිනි කතාන්දරය : SmallVille

                   
                 සුපිරි වීරයන් ගැන කොතෙකුත් කතා සෑදී තිබුණත් ඒවා සියල්ල අතරින් ඉතා ඉහළ තැනක් ගැනීමට සමත්ව අති රූපවාහිනී කතා මාලාවක් ලෙස  Smallville හැදින්වීමමට පුළුවන.ක්ලාර්ක් කෙන්ට් (Clark Kent) නම් තරුණයා වටා ගෙතී ඇති මෙම රූපවාහිනී කතා මාලාව ලොව පුරා වෙසෙන තරුණ පිරිස අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

                  මෙම කතාවෙන් කියැවෙන්නේ ක්‍රිප්ටෝන් නැමති ග්‍රහලොවේ සිට පෘථිවියට එවනු ලබන ක්ලාර්ක් කෙන්ට් (Clark Kent) නම් තැනැත්තා ගැනයි. ඔහුව පෘථිවියට එවූ පසු ඔහුගේ මවු ග්‍රහලොව විනාශයට පත් වෙයි. ක්ලාර්ක්ගේ පැමිණීමත් සමඟ පෘථිවියට ඇද වැටෙන ගල් කැබලි සමහර පෘථිවි වැසියන්ට විවිධ අසාමාන්‍ය හැකියා ලබා දෙන අතර ඒවා උපයෝගී කරගනිමින් ඔවුන් විවිධ අපරාධ වල නියැලෙති.
                  
                      ක්ලාර්ක්ටද අසාමාන්‍ය හැකියා උපතේදීම ලැබී තිබේ. ඒ ඔහු පිටසක්වළ වැසියෙකු නිසා ය. ක්ලාර්ක් එම හැකියා යොදාගන්නේ අපරාධ වලට එරෙහිවයි. ඔහුගේ එම සේවයට ඹහුගේ මිතුරන්ද උදව් කරයි. Lex  නැමැත්තා විවිධ අත්හදාබැලීම් වල නිරත වෙයි. ඔහුවද නිතර බේරාගන්නේ Clark ය. ඔහුව පෘථිවියේදී හදාවඩා ගන්නා දෙමව්පියන්ද නිතරම වෙහෙසෙන්නේ එම රහස රැක ගැනීමටයි.. අවසානයේ එම රහස රැක ගැනීමට ඔවුන්ට හැකි ‍වේද?
                   
                   Season 10 කින් සමන්විත වන මෙම  රූපවාහිනී කතා මාලාව ත්‍රාසය, කුතුහලය, විශ්මය සහ ආදරය කැටි කොට ගත්තකි. Super Man කථාන්දරය ඇසුරින් මෙය නිර්මාණය කර ඇත. Clark ලෙස Tom Welling ද  Lana ලෙස Kristin Kaeuk ද  Lex ලෙස Michael Rosenbaum ද අනෙක් චරිත Allison Mark, Erica Durance, John Gover, Annette O’Toole  හා  John Schneider රඟ දක්වයි. පහත තියෙනවා season 1 - 9 වෙනකම්, කැමති අය ඉන්නවනම් බාගෙන මෙම කතා මාලාව  මුල ඉදන්ම බලන්නකෝ.

4 comments:

  1. එලකිරිස්.. මචෝ මාත් හොඳ කොපියක් හොය හොයා හිටියේ, හුඟාක් කාලෙකට කලින් ටීවී එකේ බැලුවා (තැනින් තැන) හුඟාක් ස්තූතියි මේක දැම්මට.

    ReplyDelete
  2. machan smallville nam pattai.ath dannam eka mata awl..eke director dan hariyata meka denne na.eka nisa mamanam meka balana eka ath arala dala thiyenne..eka nisa mama aluth season 1k balanawa.menna link 1

    http://dileepas.blogspot.com/2011/05/blog-post_22.html

    meke word verification ain karapiyoo

    ReplyDelete
  3. ela මචො එල මමත් මේ කතාවට ගොඩක් කෑමතියි

    ReplyDelete