Wednesday, June 1, 2011

ඇමෙරිකාවේ ජනප්‍රිය Snoop Doggගේ ඇල්බම් එක : ඩොගියුමෙන්ටරි (Doggumentary)

 ඇමෙරිකාවේ ජනප්‍රිය Snoop Doggගේ ඇල්බම් එක : ඩොගියුමෙන්ටරි (Doggumentary)


                       ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාර ගෙනාවේ ඉංග්‍රීසි මියුසික් ඇල්බම් එකක්. මියුසික් පිටුවේ දාන දෙවනි පෝස්ට් එක තමා මේ ලියන්නේ. ඔයාලා ගොඩක් දෙනා ඉංග්‍රීසි සිංදු අහන්න ආසයිනේ. ඔන්න ඒ හින්දා මේ පාරත් කළින් වතාවේ වගේ ඉංග්‍රීසි ඇල්බම් එකක් ගැන තමා කියන්න යන්නේ. මේ ඇල්බම් එක නම් අළුත්ම එකක්. මේ ඇල්බම් එකේ නම : ඩොගියුමෙන්ටරි (Doggumentary) මේ ඇල්බම් එක Snoop Doggගේ ඇල්බම් එකක්. එහෙනම් මේ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ.

                    මේ ඇල්බම් එක  හිප් හොප් ගායක Snoop Dogg , ස්ටූඩියෝ එහෙක කරපු 11 වෙනි ඇල්බම් එකයි. ඔයාලා Snoop Dogg ගැන වැඩිය අහලා නැතුව ඇති. හැබැයි Akon, Ice Cube වගේ කට්ටියගේ සිංදු අහලා තියෙනවා නම් මෙයාව දන්නවත් ඇති. ලංකාවේ අපිට මෙයාව පුරුදු නැති උනාට ඇමෙරිකාවේ මෙයා ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වගේම මෙයාගේ ගොඩක් වීඩියෝ සිංදු  ලෝකයේ ජනප්‍රියයි. මෙයා කරන වීඩියෝ සිංදු පොඩ්ඩක් ලංකාවේ බලන්න අමාරුයි. :ඩී ඒ හින්දා තමයි මෙයා ලංකාවේ වැඩිය ජනප්‍රිය නැත්තේ. මෙයාගේ අළුත්ම ඇල්බම් එක තමා ඩොගියුමෙන්ටරි (Doggumentary) ඇල්බම් එක. මමත් ඔක්කොම සිංදු ඇහුවා. පට්ට තමා. හැබැයි ඉතින් හෙඩ්ෆෝන් (Head Phone) එකක් දාගෙන තමා අහන්න වෙන්නේ. මොකද 20% විතර කියන්නේ බෑඩ් වර්ඩ්ස් නිසා. මේ ඇල්බම් එකේ සිංදු 22ක් තියෙනවා.

                            මේ ඇල්බම් එකේ තියෙන ගොඩක් සිංදු වලට මම නම් හරි ආසයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ. මේ සිංදු වලින් සිංදු දෙකයි Snoop Dogg තනියම කියන්නේ. අනිත් ඔක්කොම සිංදු වලට වෙන ගායකයන්ගේ සහය අරගෙන තියෙනවා. මේ ඇල්බම් එක වෙළදපොළට නිකුත් කළේ 2011 මාර්තු 29 වෙනිදා. ඇල්බම් එක නිකුත් කිරීමෙන් සතියකට පසු මෙම ඇල්බම් එක සහිත සීඩී තැටි 50,000ක් ඇමෙරිකාවේ පමණක් අලෙවි වී තිබුණේය. ඒ කියන්නේ මේ ඇල්බම් එක ඒ තරම් ඇමෙරිකාවේ ජනප්‍රිය වුනා. මේ ඇල්බම් එක 2011 බිල්බෝර්ඩ් සම්මාන උළලේ (Billboard Music Awards) දී හොදම 8 වෙනි ඇල්බම් එක ලෙස නම් කෙරුනා. ඉතින් ඇමෙරිකාවේ මෙතරම් ප්‍රසිද්ධ ඩොගියුමෙන්ටරි (Doggumentary) ඇල්බම් එක ඔයාලත් පහතින් බාගෙන අහලා බලන්නකෝ.






No comments:

Post a Comment