Monday, May 23, 2011

රුසියාවේ ප්‍රථමයා සහ ප්‍රබලයා - මරුසියා

රුසියාවේ ප්‍රථමයා සහ ප්‍රබලයා - මරුසියා 

                    වර්තමානය වන විට විවිධ වර්ගයේ ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) දක්නට ඇත. අද කාලයේ බොහෝ දෙනාගේ සිත් ඇද ගැනීමට මෙම ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) සමත් වී ඇත. අද ලෝකයේ ප්‍රබලම රටක් ලෙස සැලකෙන රුසියාවේද මෙවැනි ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) කෙරෙහි පවතින්නේ මහගු උන්මාදයකි.

                  රුසියාවට මෙවැනි ක්‍රීඩා මෝටර් රථ (Sports Cars) හදුන්වා දී ප්‍රථමවරට එම රටේ මෙවැනි මෝටර් රථ නිෂ්පාදනය ඇරඹුවේ මරුසියා මෝටර් රථ (Marussia Motors) සමාගමයි. වර්තමානය වන විට මෙවැනි සමාගම් රුසියාවේ බොහොමයක් ඇතත් තවමත් ප්‍රථම ස්ථානයේ රැදී සිටීමට මරුසියා මෝටර් රථ (Marussia Motors) සමාගමට හැකි වී තිබෙනවා. 
      
                    දැනට රුසියාවේ වැඩිම ඉල්ලුම සහිත ක්‍රීඩා මෝටර් රථය (Sports Car) බවට පත්වී තිබෙන්නේ මරුසියා B වර්ගයේ මෝටර් රථයයි. මෙම මරුසියා B වර්ගයේ මෝටර් රථ ජාති 2ක් ඇත. ඒ B1 සහ B2 ලෙසයි. මරුසියා B1 වර්ගයේ මෝටර් රථ ලෝකයේම  ඇත්තේ 3000ක් පමණි. මෙය මරුසියා සමාගමේ ප්‍රථම නිෂ්පාදනය වේ. 

                         නමුත් මරුසියා B2 වර්ගයේ මෝටර් රථ ලෝක වෙළදපොලේ ඕන තරම් ඇත. එහි සාමන්‍ය මිල යූරෝ 100,000කි. මෙම මෝටර් රථ ලෝක ප්‍රසිද්ධ වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව බවට පත්වී තිබෙන්නේ මෙහි ඇති සිත් ඇදගන්නා සුළු හැඩයයි (Body Kit). පහත දැක්වෙන්නේ මෙම මරුසියා ක්‍රීඩා මෝටර් රථ කිහිපයකි.




No comments:

Post a Comment