Sunday, May 29, 2011

ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011

                    
 ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011
                   
                   ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. ඊයේ දවසෙම GF එක්ක චැට් කරපු නිසා පෝස්ට් එකක්වත් දාන්න බැරි වුණා. ඒ හින්දා අද දවසේ පෝස්ට් වැඩිපුර දාන්න තමයි ඉන්නේ. ඔන්න ඉතින් අද උදේම ආවේ  බිලියන පුවතක් අරන්. ඔන්න ඉතින් මෙතනදී නම් ඇමෙරිකාව පරාදයි. අද මම ගෙනාව පුවතෙන් කියවෙන්නේ ලෝකයේ වැඩිම බිලියනපතියන් ඉන්න නගර පිළිබදව. ඔන්න ඉතින් ලෝකයේ බිලියනපතියන් වැඩිම ගාණක් ඉන්න නගර පහ අග ඉදන් මුලට පහළ තියෙනවා. බලන්නකෝ කොහොමද වැඩේ කියලා.



මේ තියෙන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.මෙම නගරය ලෝකයේ 5 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 36ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 60.5කි.


මේ තියෙන්නේ හොං කොං වල හොං කොං නගරයයි.මෙම නගරය ලෝකයේ 4 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 40ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 176.8කි.


මේ තියෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගරයයි.මෙම නගරය ලෝකයේ 3 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 41ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 164.3කි.


මේ තියෙන්නේ ඇමෙරිකාවේ නිව් යොර්ක් නගරයයි.මෙම නගරය ලෝකයේ 2 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 59ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 220.8කි. 


මේ තියෙන්නේ රුසියාවේ මොස්කව් නගරයයි.මෙම නගරය ලෝකයේ 1 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 79ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 375.3කි. 


             මෙම තොරතුරු වලින් පෙනී යන්නේ ලෝක ආර්ථිකයේ ප්‍රථමයාට දෙවන තැන ලැබී ඇති ආකාරයයි. එමෙන්ම ඔවුන්ගේ ප්‍රධානතම හතුරා ප්‍රථමස්ථානයේ පසුවෙයි. බලපල්ලකෝ ඇමෙරිකාවට වෙච්ච දේ. පව්නේ!

No comments:

Post a Comment