Friday, May 20, 2011

ලංකාවට අළුත් ඊ මේල් ලොක්කෝ දෙන්නා


              ලංකාවට අළුත්  ඊ මේල් ලොක්කෝ දෙන්නා

                   ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. වැඩි කතා එපා වැඩේට බහිමු. අන්තර්ජාලය පාව්ච්වි කරන ඔයාලා ඊ මේල් (E Mail) ගැන අහලා නැති වෙන්න  විදියක් නෑ.  අද  Email වලින් තොරව අන්තර්ජාලයක් ගැන කතා කරන්න බැරි තරම් මේ දෙක සම්බන්ධයි.  Email කියන්නේ අද වන විට අන්තර්ජාලයෙන් ලබාගත හැකි ප්‍රධානම සේවාවයි. එහෙනම් අපි කතාවට එන්ටර්ර්ර් වෙමු...

                   මුහුණු පොත පාවිච්වි කරන ඔබට මේ වන විටත් කුමන හෝ e mail ලිපිනයක් ඇති. අද වන විට ලෝකයේ බොහෝ Email providers ලා සංඛයාවක් ඉන්නවා. මේ අතරින් ඉතා සුළු ප්‍රමාණයයි නොමිලේ,ගුණාත්මක සේවයක් ලබා දෙන්නේ. ඒ අතරිනුත් 4 දෙනෙක් පමණයි ශ්‍රී ලංකාවේ කස්ටිය බොහෝ විට පාවිච්වි කරන්නේ. ඒ අය තමා Gmail, YMail, AOL, Hot Mail කියන්නේ. මේ අය නොමිලේ ඉතා ඉහළ ගුණත්වයකින් යුතු ඊ මේල් ලිපින අපට ලබාදෙනවා. 

                       අද මම ඔයාලට කියන්න  යන්නේ මේ වගේ  නොමිලේ ඉතා ඉහළ ගුණත්වයකින් යුතු ඊ මේල් ලිපින සපයන තවත් Email providers ලා 2ක් ගැන. ඒ තමා, 
                             1. Fast Mail

                             2. GMX

                    මේ දෙන්නත් ඉතා ඉහළ සේවාවක් නොමිලේම අපට ලබාදෙනවා... මාත් මේ අයගෙන් ලබාගත්තු ඊ මේල් ලිපිනයන් භාවිතා කරනවා. ඒ හින්දා මම මෙය අත්දැකීමෙන් දන්නවා. අද වන විටත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මෙය භාවිතා කරන්නේ නෑ. ඒ හින්දා ඉක්මන් කළොත් ඔයාලට පුළුවන් ඔයා කැමති නමකින් ඊ මේල් ලිපිනයක් අදම ලබාගන්න. ඔය පහළ ලින්කු දෙකෙන් ඔයා කැමති Email provider මත ක්ලික් කරලා අදම ලිපිනයක් ලබාගන්න. 


No comments:

Post a Comment