Tuesday, May 24, 2011

ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය : Tianhe-1A

              ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය : Tianhe-1A
       සුපිරි පරිගණක කියන්නේ මොනාද කියලා ඔයාලා දන්නවා ඇතිනේ?  අද මම කියන්න යන්නේ ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය ගැන. ඒ කියන්නේ සුපිරි පරිගණකයේත් සුපිරි පරිගණකය ගැන. :ඩී හැබැයි ඉතින් මේක තියෙන්නේ ඇමෙරිකාවේ කියලා හිතන්න එපා. ඇත්තටම වර්තමානයේ ඒ කියන්නේ ලෝකයේ දැනට ඇති වේගවත්ම සුපිරි පරිගණකය තියෙන්නේ චීනයේ. 


            මෙම සුපිරි පරිගණකය මුලින්ම හැදින්වූයේ  Tianhe-I (TH-1) ලෙසය. 2010 ඔක්තොම්බර් මාසයේ දී මෙය වැඩි දියුණු කර සකසා ඇත. ඊට පසු මෙය Tianhe-1A ලෙස නම් කෙරිණි.  මෙම වැඩි දියුණු කිරීමෙන් පසු මෙය ලෝකයේ තිබෙන වේගවත්ම සුපිරි පරිගණකය බවට පත්ව ඇත. Tianhe-1Aට කලින් ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය ලෙස නම් දරා සිටියේ ORNLගේ Jaguar සුපිරි පරිගණකයයි. නමුත් Tianhe-I  වැඩි දියුණුවත් සමග ORNLගේ  Jaguar සුපිරි පරිගණකයට  දෙවන ස්ථානය දක්වා පසු බැසීමට සිදුවී ඇත. මෙම සුපිරි පරිගණකය භාවිතා කරන්නේ තෙල් ගවේෂණ කටයුතුවලටත් ගුවන් පාලන කටයුතු සදහාත්ය. මෙම පරිගණකයේ ලිනක්ස් ආශ්‍රිත සැකසුණු මෙහෙයුම් පද්ධතියක් ඇත. 

             මෙම පරිගණකය පිළිබද තොරතුරු කෙටියෙන් පහත දක්වා ඇත.


Active   Tianhe-1 Operational 29 October 2009, Tianhe-1A Operational October 28, 2010 
Sponsors National University of Defense Technology
Operators National Supercomputing Center
Location National Supercomputing Center, Tianjin, People's Republic of China
Speed Tianhe-1: 563 terraform (Rmax),
Tianhe-1A: 2.566 petaFLOPS (Rmax)
Ranking TOP500: 1st, November 2010 (Tianhe-1A)
Purpose Petroleum exploration, Aircraft simulation

No comments:

Post a Comment