Saturday, July 2, 2011

ජුලි 12 වෙනිදා සිට සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කෙරුවාවට එයි


ජුලි 12 වෙනිදා සිට සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කෙරුවාවට එයි

                      අම්මෝ! ගොඩ කාලෙකට පස්සේ ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කරලියට එන්න හිතුවා. ඉස්සර දවසට අනිවා එක පෝස්ට් එකක් හරි දානවා. ඒත් දැන් හරියටම මාසෙක ඉදලා මම එක පෝස්ට් එකක් වත් දැම්මේ නෑ. ඒත් සයිබර් පෙරේරාගේ බ්ලොග් කෙරුවාව ඔයාලට ආයෙත් ජුලි 12 ඉදන් සුපුරුදු ලෙස අත් විදින්න පුළුවන්. මම අන්තිම පෝස්ට් එක දැම්මේ ජුනි 03 වෙනිදා. :( ඊට පස්සේ වැඩ ගොඩාක් තිබ්බ හින්දා එක පෝස්ට් එකක්වත් දාන්න බැරිවුණා. 
                          
                       ජුලි 12 වෙනිදා මට ගොඩාක් විශේෂ දවසක්. ඒ හින්දා  ජුලි 12 වෙනිදා ආයෙත් බ්ලොග් කෙරුවාව එකෙන්ම පටන්ගන්න තමා ඉන්නේ.  :ඩී ඉස්සර දවසකට පේජ් වීව්ස් 250ක් වත් අඩුම තියෙනවා. ආයෙත් ඒ තත්වෙට බ්ලොග් එක ගේන්න ඔයාලගේ හෙල්ප් එක ඕනා. :පී එහෙනං ජුලි 12 වෙනිදට හම්බෙමු. සයිබර් අවකාශයේ නැවුම් අත්දැකීම් විදගන්න මාත් එක්ක එකතු වෙන්න. පට්ට පුවත්, චිත්‍රපටි, ක්‍රීඩා ඇතුළු තව ගොඩාරියක් අළුත් දේවල් ජුලි 12 වෙනිදාට අරන් එන්නං. ;) බායි

Friday, June 3, 2011

MI6 ඒජන්සිය අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ වෙබ් අඩවිය හැක් කරයි : Operation Cupcake


  MI6 ඒජන්සිය අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ වෙබ් අඩවිය හැක් කරයි : Operation Cupcake

                 ඔන්න සයිබර් පෙරේරා ආයේ ආවෝ. ඉතින් මේ පාර මම ටිකක් හිනා යන පුවතක් තමා ගෙනාවේ. හැබැයි මේකට දැන් ටිකක් හිනා ගියාට පස්සට අඩන්න වෙයිද දන්නෙත් නෑ. මේ පුවතෙන් කියන්නෙත් හැකර් ප්‍රහාරයක් ගැන. මේ හැක් කිරීමට ලක්වෙන්නේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම වන අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව සහිත වෙබ් අඩවියයි. මේ වෙබ් අඩවියේ තිබුණු තොරතුරු වෙනස් කිරීමට තමා මේ හැකර් ප්‍රහාරය දියත් කරලා තියෙන්නේ. මේ ප්‍රහාරය දියත් කළේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සියයි. මොවුන් අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව (Online Magazine) සහිත වෙබ් අඩවිය හැක් කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රධානම ඉලක්කය වුනේ එහි අඩංගු තොරතුරු වෙනස් කිරීමයි. මේ ඉලක්කය ඉතා විශිෂ්ඨ ලෙස ජය ගන්න මොවුන්ට පුළුවන් වුනා. එහෙනම් මේ සිද්ධිය ගැන පොඩ්ඩක් සවිස්තරාත්මකව කතා කරමු. 

               ඔයාලා දන්නවනේ අල් කයිඩා (Al-Qaeda) සංවිධානය පිළිබදව. මොවුන් ලෝකයේ දැනට ඉන්න භයානකම ත්‍රස්තවාදීන් ලෙස සැළකෙනවා. මොවුන්ගේ නායකයා වන ඔසාමා බින් ලාඩන් මේ ලගදී මැරුන පුවත ඔයාලා ඕන කෙනෙක් දන්නවනේ. එයාගේ මරණෙන් පස්සේ අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ නව නායකයා ප්‍රකාශ කළා ලන්ඩන් නගරයම පුපුරුවා දමනවා කියලා. ඉතින් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ කරද්දීත් නොබියව මෙම හැකර් ප්‍රහාරය දියත් කරන්න බ්‍රිතාන්‍ය ඉදිරිපත් වුනා. ද ටෙලිග්‍රාෆ් (The Telegraph) වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව මෙම ප්‍රහාරය මුලින්ම දියත් කිරීමට ගොස් ඇත්තේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව මෙම ඉලක්කය සහිත පෙන්ටගන් මෙහෙයුම නවතා දැමුවේ CIAහි අණ කිරීම නිසයි. CIA මෙම මෙහෙයුම නතර කිරීමට අණ කළ පසු එම මෙහෙයුමට සමාන මෙහෙයුමක් බ්‍රිතාන්‍ය දියත් කළහ. එය ඉතා සාර්ථක විය. 

                බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සිය  අල් කයිඩා (Al-Qaeda) සංවිධානයේ ඔන්ලයින් සගරාව (Online Magazine) සහිත වෙබ් අඩවිය තුළ අඩංගු වූ බෝම්බ සාදන ක්‍රියා පටිපාටිය ඇතුළත් ආර්ටිකල් එක මකා දමා ඒ වෙනුවට කේක් සාදන ආකාරය ඇතුළත් ආර්ටිකල් එකක් පළ කළහ. අල් කයිඩා (Al-Qaeda) සංවිධානය දැනට සති දෙකකට කලින් බෝම්බ සාදන ක්‍රියා පටිපාටිය ඇතුළත් ආර්ටිකල් එකක් පළ කර ඊට පසු තවත් ඒ පිළිබදවම ආර්ටිකල් හතරක්ද පළ කර ඇත. නමුත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ MI6 ඒජන්සිය මේවා මකා දමා තිබේ. හැබැයි මේ ප්‍රහාරයට අල් කයිඩා (Al-Qaeda) සංවිධානය ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට බොහෝ ඉඩ කඩ ඇත. එම නිසා බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට වැඩි අවධානයෙන් කටයුතු කිරීමට සිදුවෙයි. එහෙනම් අපි බලමුකෝ ඊළගට මොනා වෙයිද කියලා. හෙට උදේ හම්බවෙමු. සුභ රාත්‍රියක් වේවා!!!

Thursday, June 2, 2011

සමාජ වෙබ් අඩවි වලට නව තර්ජනයක් : Firesheepහි සහෝදරයා වන Faceniff


 සමාජ වෙබ් අඩවි වලට නව තර්ජනයක් :  Firesheep හි සහෝදරයා වන Faceniff 

             කස්ටියටම ගුඩ් මෝර්නින්ග් වේවා. ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් ආවා. අද මම කියන්න ආවා පුවත තාක්ෂණික පැත්තට බරවුණු පුවතක්. ඊයේ රෑ ලිව්ව පෝස්ට් එක නම් ගොඩක් කස්ටිය බලලා තිබ්බා. ඉතින් ඒ පෝස්ට් එකට වඩා මේ දැන් ලියන්න යන එක කස්ටිය බලන්න ඕනා. මොකද මේ නිව්ස් එක ටිකක් වැදගත්. ආර්ටිකල්  එක ලියන්න කලින් කියන්න වැදගත් දෙයක් තියෙනවා. මේ ආර්ටිකල් එක මම පළ කරන්නේ හුදෙක් ඔයාලගේ දැන ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සදහා පමණි. මම මේ කිසිම දේක වගකීම භාරගන්නේ නැත. ඒ හින්දා අනවශ්‍ය වැඩවලට මෙම දැනුම භාවිතා නොකරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එහෙනම් වැඩේට එන්ටර්ර්ර් වෙමුකෝ.

                   ඔයාලා අහලා තියෙනවද Firesheep කියලා භයානක, සමාජ වෙබ් අඩවි හැක් කරන්න පුළුවන් විස්තාරනයක්  (Extension) ගැන. මේ විස්තාරනය (Extension) ප්‍රසිද්ධ වුනේ ඒක hijack වලට භාවිතා කිරීමට හැකිවුණ නිසා. ඒ හින්දා මේක ලොකු තර්ජනයක් වුනා. හැබැයි දැන් මේ තර්ජනය අළුත් වෙබ් බ්‍රවුසර් වල තියෙන ගැජමැටික් නිසා වියැකී ගිහිල්ලා තියෙනවා. ඒත් දැන් මෙයාගේ සහෝදරයෙක් ලෙස සළකන අපූරු, ඒ වගේම භයානක ඇප්ලිකේශන් (Application) එකක් තමා Faceniff කියන්නේ. මේක Firesheep විස්තාරනයටත් (Extension) වඩා භයානක ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් (Android Application) එකක්. වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) එකක් මගින්  Faceniff  භාවිතා කරලා  ඔයාලට පුළුවන් අනිත් අයගේ ෆේස්බුක්, ටුවිටර් (Facebook,Twitter) වැනි සමාජ වෙබ් අඩවි වල තියෙන credentials හොරකම් කරන්න. හැබැයි ඉතින් මේ ඇප්ලිකේශන් (Application) එක  භාවිතා කරන්න ඕනා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් (Android Smartphone) එකකින් තමා. හැබැයි මේක Firesheep කියන එකටත් වඩා ගැජමැටික් තියෙන එකක්. WPA-encrypted වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) වලටත් මේක වැඩ කරනවා. හැබැයි Firesheep WPA-encrypted වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) වලට වැඩ කරන්නේ නැත. ඒ හින්දා Firesheep වලට වඩා Faceniff භයානක වේ.

            හැබැයි Faceniff වලින් අපිට නම් ගැටළුවක් නෑ. මොකද ලංකාවේ වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) හොයාගන්න අමාරුයිනේ. :ඩී ඒත් ඉතින් වයි - ෆයි නෙට්වර්ක් (Wi-Fi network) බහුල යුරෝපා රටවල් වලට මෙය දැන් දැන් තර්ජනයක් වීමට පුළුවන. මෙන්න මේ නිසා මේකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයකුත් කියන්නම්. ඔයාලා අහලා ඇතිනේ HTTPS ගැන. HTTPS භාවිතා කරලා මෙවැනි ප්‍රහාර වලක්වා ගන්න අපිට පුළුවන්. මෙවැනි තර්ජන තියෙන කස්ටිය HTTPS වලට මාරුවුනොත් තමා හොද. එහෙනම් ඔය පහළ තියෙන්නේ Faceniff භාවිතා කරලා වෙන කෙනෙක්ගේ ෆේස්බුක් අකවුන්ට් (Facebook Account) එකකට ලොග් වෙන හැටි. ඒක බලන්නකෝ. හැබැයි ඉතින් අධ්‍යාපනය සදහා පමණි. තවත් මේ වගේ නිව්ස් එකක් අරන් එන්නම්කෝ.


ගූගල් සමාගමේ අළුත් මායම ඇවිල්ලෝ : Google +1

      
 ගූගල් සමාගමේ අළුත් මායම ඇවිල්ලෝ : Google +1
                 
             ඔන්න සයිබර් පෙරේරා ආවෝ... නිව්ස් අහන්න එන්නෝ... ඔන්න මේ පාර කියන්න යන්නේ තාක්ෂණික පැත්තට බරවුණු නිව්ස් එකක්. ඔයාලට මම කලින් කිව්වනේ ගූගල් සමාගමේ අළුතෙන් ආරම්භ වෙන්න යන ගූගල් වොලට් ගැන. හැබැයි මේ කියන්න යන්නේ ගූගල් වොලට් සේවාව ගැන නම් නෙමෙයි. ගූගල් සමාගම හදුන්වා දුන්න අළුත්ම ගැජමැටික් කෑල්ලක් ගැන. ඔයාලා බ්ලොග් කියවනකොට දකින්න ඇතිනේ ඔය පහළ තියෙනවා වගේ අයිකන් එකක්. 
                  මගේ බ්ලොග් එකෙත් හැම පෝස්ට් එකක් යටින්ම ඔන්න ඔය වගේ එකක් තියෙනවා. මේක ගූගල් සමාගම හදුන්වා දුන්න අළුත්ම ගැජට් කෑල්ලයි. ඔයාලා දන්නවනේ අද වෙනකොට සමාජ වෙබ් අඩවි ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. වර්තමානය වන විට ඔයාලා ගොඩක් දෙනෙක් වගේම මුළු ලෝකයේත් බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ Facebook සහ Twitter කියන සමාජ වෙබ් අඩවි දෙක තමා. හැබැයි වැඩි ප්‍රසිද්ධියක් නැති Google Buzz කියන්නෙත් සමාජ වෙබ් අඩවියක් තමා. ඉතින් ගූගල් සමාගම තරගකාරී සමාගමක් කියලා ඔයාලා දන්නවනේ. ඒ හින්දා Facebook සහ Twitter වල තියෙන ලයික් (Like) හා ෆලෝ (Follow) කියන ගැජට් වලට සමාන ගැජට් කෑල්ලක් හදන්න මෙයාලා කල්පනා කළා. ඒකේ ප්‍රතිඵලයක් තමා Google +1 කියන්නේ. ඔයාලා ඒ පෝස්ට් එකට කැමතිනම් ඔයාලට පුළුවන් Google +1 බට්න් එක ක්ලික් කරලා ඔයාලගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. මේකත් හරියට Facebook සහ Twitter වල තියෙන ලයික් (Like) හා ෆලෝ (Follow) කියන බට්න් වගේ තමා. ක්ලික් කරලා ඔයාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. මේක ක්ලික් කරලා ඔයාලා කියන්න හදන්නේ මේ දෙකෙන් එකක් තමා.
1."This is pretty cool" (මේක නම් නියමයි) 
2."You should check this out" (ඔයාලත් පොඩ්ඩක් මේක බලන්න)

                  මෙන්න මේ විදියට ඔයාලටත් පුළුවන් මේ බට්න් එක උඩ ක්ලික් කරලා ඔයාලගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් ඔයාලා ඔයාලගේ ගූගල් අකවුන්ට් (Account) එකට ලොග් වෙලා හිටීම අනිවාර්යයි.  හරියට Facebook සහ Twitter වල කරනවා වගේ තමා. ඒ වගේම අනිත් අය මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවද කියලා බලන්නත් පුළුවන්.  ඉතින්  මේකෙත් පොඩි ප්‍රයෝජනයක් තියෙනවා නේද? පහළ තියෙන වීඩියෝ එක ගූගල් සමාගම Google +1 කියන්නේ මොකක්ද කියලා හදුන්වා දෙන්න තමා හදලා තියෙන්නේ. ඒකත් බලන්නකෝ. තවත් විස්තර අවශ්‍ය නම් අර උඩ තියෙන අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් මම කැපුනෝ...



Wednesday, June 1, 2011

මුළු ලෝකයටම රහසක් වූ Area 51 පිළිබද ඡායාරූප කිහිපයක් එළිවේ


  මුළු ලෝකයටම රහසක් වූ Area 51 පිළිබද ඡායාරූප කිහිපයක් එළිවේ

                  කස්ටියටම සුභම සුභ උදෑසනක් වේවා. ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාර මම කියන්න යන්නේ පට්ට පුවතක් ගැන. අද ලෝකය දිහා  බලනකොට අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. හැබැයි ගොඩක් දේවල් ගැන අපි හොදට හොයලා බැලුවොත් අපිට ඒ දේවල් ගැනත් දැනගන්න පුළුවන්. හැබැයි අපි කොච්චර උත්සාහ කළත් සමහර දේවල් පිළිබදව වැඩි විස්තර හොයාගන්න අපිට බෑ. මේ වගේ දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ. වැඩිය අගේ නොකර එහෙනම් කතාව පටන් ගන්නම්කෝ.

                     අද ඇමෙරිකාවේ ජනතාවට මෙන්ම මුළු ලෝකයාම හරිහැටි නොදන්න ප්‍රදේශයක් තමා Area 51 කියන්නේ. මේ  ප්‍රදේශය තුළ සිද්ධ වෙන දේවල් පිළිබදව කිසිම කෙනෙක් හරියටම කියන්න දන්නේ නෑ. මෙහි සිදුවන සියල්ලම තවමත් මුළු ලෝකයාම නොදන්න රහසක්. මේ ප්‍රදේශය පිළිබද විවිධ පුද්ගලයන් සහ විවිධ රටවල් එක එක දේවල් කියනවා. හැබැයි ගොඩක් අය පිළිගන්න මත දෙකක් තියෙනවා. එයින් එකක් තමා මෙහි පිටසක්වළ ජීවින් පිළිබද පරීක්ෂණ සිදුකරනවා කියන එක. අනිකෙන් කියවෙන්නේ ඇමෙරිකාව මෙම ප්‍රදේශය තුළ තමන්ගේ විවිධ යුධ පරීක්ෂණ කරනවා කියන එක. හැබැයි මේ මත දෙකම පිළිගන්න අපිට පුළුවන්. මොකද දැනට හම්බවෙලා තියෙන සුළු සුළු හෝඩුවාවන් එක්ක බලපුවාම තේරෙන්නේ මේ දෙකම සත්‍ය බවයි. මෙම මත වලින් දෙවෙනි මතය තහවුරු කරන්න පුළුවන් හෝඩුවාවන් ඇති ඡායාරූප කිහිපයක් National Geographic විසින් ප්‍රසිද්ධ කළා. ඔය පහළ තියෙන්නේ ඒ ඡායාරූප වලින් ප්‍රධාන ටික තමා. 



               
                                 මෙම ඡායාරූප වලින් පෙනී යන හෝඩුවාවන්ගෙන් අපට පුළුවන් ඉහත සදහන් දෙවෙනි මතය පිළිගන්න. මෙහි පිටසක්වළ ජීවින් පිළිබද තියෙන මතය නම් මේ ඡායාරූප මගින් ටිකක් පිළිගන්න අමාරුයි. ඒත් අපි දන්න දේට වඩා වැඩි යමක් මේ ප්‍රදේශය තුළ සිද්ධවෙනවා කියලා දැන් ඔයාලට තේරෙනවා නේද? මේ ප්‍රදේශය පිළිබද රහස අනාවරණය වෙනකම් මට නම් ඉවසුමක් නෑ. තවත් මෙවැනි පුවතක් අරගෙන දවල් වෙලා එන්නම්කෝ.

ඇමෙරිකාවේ ජනප්‍රිය Snoop Doggගේ ඇල්බම් එක : ඩොගියුමෙන්ටරි (Doggumentary)

 ඇමෙරිකාවේ ජනප්‍රිය Snoop Doggගේ ඇල්බම් එක : ඩොගියුමෙන්ටරි (Doggumentary)


                       ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාර ගෙනාවේ ඉංග්‍රීසි මියුසික් ඇල්බම් එකක්. මියුසික් පිටුවේ දාන දෙවනි පෝස්ට් එක තමා මේ ලියන්නේ. ඔයාලා ගොඩක් දෙනා ඉංග්‍රීසි සිංදු අහන්න ආසයිනේ. ඔන්න ඒ හින්දා මේ පාරත් කළින් වතාවේ වගේ ඉංග්‍රීසි ඇල්බම් එකක් ගැන තමා කියන්න යන්නේ. මේ ඇල්බම් එක නම් අළුත්ම එකක්. මේ ඇල්බම් එකේ නම : ඩොගියුමෙන්ටරි (Doggumentary) මේ ඇල්බම් එක Snoop Doggගේ ඇල්බම් එකක්. එහෙනම් මේ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ.

                    මේ ඇල්බම් එක  හිප් හොප් ගායක Snoop Dogg , ස්ටූඩියෝ එහෙක කරපු 11 වෙනි ඇල්බම් එකයි. ඔයාලා Snoop Dogg ගැන වැඩිය අහලා නැතුව ඇති. හැබැයි Akon, Ice Cube වගේ කට්ටියගේ සිංදු අහලා තියෙනවා නම් මෙයාව දන්නවත් ඇති. ලංකාවේ අපිට මෙයාව පුරුදු නැති උනාට ඇමෙරිකාවේ මෙයා ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වගේම මෙයාගේ ගොඩක් වීඩියෝ සිංදු  ලෝකයේ ජනප්‍රියයි. මෙයා කරන වීඩියෝ සිංදු පොඩ්ඩක් ලංකාවේ බලන්න අමාරුයි. :ඩී ඒ හින්දා තමයි මෙයා ලංකාවේ වැඩිය ජනප්‍රිය නැත්තේ. මෙයාගේ අළුත්ම ඇල්බම් එක තමා ඩොගියුමෙන්ටරි (Doggumentary) ඇල්බම් එක. මමත් ඔක්කොම සිංදු ඇහුවා. පට්ට තමා. හැබැයි ඉතින් හෙඩ්ෆෝන් (Head Phone) එකක් දාගෙන තමා අහන්න වෙන්නේ. මොකද 20% විතර කියන්නේ බෑඩ් වර්ඩ්ස් නිසා. මේ ඇල්බම් එකේ සිංදු 22ක් තියෙනවා.

                            මේ ඇල්බම් එකේ තියෙන ගොඩක් සිංදු වලට මම නම් හරි ආසයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ. මේ සිංදු වලින් සිංදු දෙකයි Snoop Dogg තනියම කියන්නේ. අනිත් ඔක්කොම සිංදු වලට වෙන ගායකයන්ගේ සහය අරගෙන තියෙනවා. මේ ඇල්බම් එක වෙළදපොළට නිකුත් කළේ 2011 මාර්තු 29 වෙනිදා. ඇල්බම් එක නිකුත් කිරීමෙන් සතියකට පසු මෙම ඇල්බම් එක සහිත සීඩී තැටි 50,000ක් ඇමෙරිකාවේ පමණක් අලෙවි වී තිබුණේය. ඒ කියන්නේ මේ ඇල්බම් එක ඒ තරම් ඇමෙරිකාවේ ජනප්‍රිය වුනා. මේ ඇල්බම් එක 2011 බිල්බෝර්ඩ් සම්මාන උළලේ (Billboard Music Awards) දී හොදම 8 වෙනි ඇල්බම් එක ලෙස නම් කෙරුනා. ඉතින් ඇමෙරිකාවේ මෙතරම් ප්‍රසිද්ධ ඩොගියුමෙන්ටරි (Doggumentary) ඇල්බම් එක ඔයාලත් පහතින් බාගෙන අහලා බලන්නකෝ.






Tuesday, May 31, 2011

Rooney ගෝලයක් වාර්තා කළ තණතිල්ලේ කොටස දැන් eBay එකේ විකිණීමට ඇත : ඉක්මනින් කැමති කස්ටිය ලංසුවක් දාන්න


 Rooney ගෝලයක් වාර්තා කළ තණතිල්ලේ කොටස දැන් eBay එකේ විකිණීමට ඇත  : ඉක්මනින් කැමති කස්ටිය ලංසුවක් දාන්න

                    ඔන්න කස්ටියටම ගුඩ් මෝර්නින්ග් කිව්වා. අද උදේම සයිබර් පෙරේරා ආවේ අපූරු ක්‍රීඩා පුවතක් අරගෙන. හැබැයි මේ නිව්ස් එක අහලා ඔයාලට හිනා යයිද දන්නෙත් නෑ. :ඩී හැබැයි ඉතින් මේක පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන අයට නම් මේ දිනවල රසවත් පුවතක් තමා. මේ නිව්ස් එකෙන් කියන්න යන්නේ eBay එකේ විකුණන්න තියෙන අපූරු දෙයක් පිළිබදව. මේ අපූරු දේ තමා : ඊවූඩ් පාර්ක් (Ewood Park) පාපන්දු ක්‍රීඩාංගනයේ  තණතිල්ලේ එක කොටසක් (ඒ කියන්නේ පිට්ටනියෙන් කපා ගත්ත පිඩැල්ලක්) මේක එන්න එන්නම ගණන් යනවා. දැන් මේ ගැන වැඩි විස්තර කතා කරමුකෝ.

                        ඔයාලා දන්නවනේ එංගලන්තයේ පැවැත්වෙන හොදම සහ තරගකාරීත්වය වැඩිම, ඒ වගේම මුළු ලෝකයේම ජනප්‍රිය පාපන්දු ලීග් තරගාවලිය මොකක්ද කියලා. ඒ  තමා බාර්ක්ලේස් ෆ්‍රීමියර් ලීග් (Barclays Premier League) තරගාවලිය. මේ තරගාවලිය ලෝකයේ ජනප්‍රියම පාපන්දු තරගාවලිය ලෙසත් හදුන්වනවා. ඉතින් මේ තරගාවලියට සහභාගි වෙන්නේ එංගලන්තයේ හොදම කණ්ඩායම් ටික තමා. පසුගිය 14 වෙනිදා මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester Utd.) පිළ සමග තරග වැදුනේ බ්ලැක්බර්න් රෝවස් (Blackburn Rovers) පිළයි. මෙම තරගය පැවැත්වුනේ බ්ලැක්බර්න් රෝවස් පිළේ තණතිල්ලේදී (ඊවූඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී) යි. මෙම තරගය 1 - 1 ක් ලෙස නිමාවුනේ කිසිදු පිළකට ජයග්‍රහණය ලබා නොදෙමිනි. මෙම තරග‍යේ දෙවන භාගය වන විට මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ පරාජයට ලගා වී සිටියේය.  මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ පරාජයෙන් ගලවා ගත්තේ ඉදිරිපෙළ ක්‍රීඩක වේන් රූනිය (Wayne Rooney). ඔහු තම කණ්ඩායමට ගෝලයක් ලබාගන්නේ ඉතා දක්ෂ දඩුවම් පහරක් මාර්ගයෙනි.

                   මෙම ගෝලයත් සමග තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.  මෙම වේන් රූනිගේ ගෝලය බ්ලැක්බර්න් රෝවස් පිළේ ප්‍රේක්ෂකයන්ගේ සියළු බලාපොරොත්තු බිද දැම්මේය. වේන් රූනි තමාගේ ගෝලය වාර්තා කළ ස්ථානයේ (ඒ කියන්නේ ඔහු බෝලයට පහර දුන් ස්ථානයේ) තණතිල්ලේ එම කොටස කපා ඉවත් කරගැනීමට බ්ලැක්බර්න් රෝවස් පිළේ ප්‍රේක්ෂකයෙකු වන එඩී මැක්ස්වෙල් (Eddie Maxwell) මහතාට හැකිවී තිබේ. බ්ලැක්බර්න් රෝවස් පිළේ පාලක මණ්ඩලයේ අවසරය මත ඔහු මෙම පිඩැල්ල කපා ගෙන ඇත. දැන් මෙම කොටස eBay (ඔයාලා දන්නවා ඇතිනේ eBay ගැන) එකේ විකුණන්න දාලා තියෙනවා. හැබැයි ඉතින් ලංසු දාලා තමා  මේක විකුණන්නේ. ලංසුව පටන්ගත්තේ නම්  £400න් ඒත් දැන් £700ටත් අධික ලංසුවක් තමා දාන්න ඕන. පේන විදියට ගාණ එන්න එන්නම ඉහළ යනවා. ඔයාලත් ලංසුවක් දාන්න ආසනම් පහළ තියෙන වේන් රූනිගේ රූපය උඩ ක්ලික් කරන්න.


ගූගල් වොලට් සේවාව ලගදීම හදුන්වාදෙයි : PayPal යුද්ධයට සූදානම් වෙයි ද?



 ගූගල් වොලට් සේවාව ලගදීම හදුන්වාදෙයි : PayPal යුද්ධයට සූදානම් වෙයි ද?

                 ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාර කියන්න යන්නේ ටෙක්නිකල් නිව්ස් එකක් ගැන. ඉස්සෙල්ලා අරන් ආපු නිව්ස් එක දුක හිතෙන එකක්නේ. ඒ හින්දා මේ පාර සතුටු හිතෙන නිව්ස් එකක් තමයි අරන් ආවේ. මේ නිව්ස් එකෙන් කියන්න යන්නේ ගූගල් සමාගම සම්බන්ධ දෙයක්. අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙක් ගූගල් සමාගම කියන්නේ මොන වගේ සමාගමක්ද කියලා දන්නවනේ. මේ සමාගම අළුත්ම සේවාවක් ලෝකයට හදුන්වා දෙන්න මේ ටිකේ සූදානම් වෙනවා.ඔයාලා අහලා ඇතිනේ Pay Pal ගැන. Pay Pal කියන්නේ අන්තර්ජාලය ඔස්සේ වඩා ආරක්ෂාකාරී සහ විධිමත් ලෙස මුදල් ගනුදෙනු කරන්න පුළුවන් පහසු ගෙවීම් පද්ධතියක්. හැබැයි ඉතින් මෙයාලට බඩේ පාර වදින්න තමා යන්නේ. මොකද ගූගල් සමාගම හදුන්වා දෙන්න යන්නේ මෙවැනි සේවා පද්ධතියක්. එහෙනම් දැන් අපි ඒ ගැන කතා කරමුකෝ.

                    මෙම සේවාවට ගූගල් වොලට් (Google Wallet) කියලා තමයි නම දාලා තියෙන්නේ. මෙම සේවාව ජංගම ගෙවීම් පද්ධතියක් (Mobile Payment System) මුල් කරගත්තු සේවාවක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ සේවාව භාවිතා කරලා බඩුවක් මිලදී ගන්නවා වගේ අන්තර්ජාල ආශ්‍රිත ගනුදෙනු පහසුවෙන් හා වේගයෙන් කරගන්න. ඔයාලා Pay Pal පාවිච්චි කරලා තියෙනවනම් මේ ගැන දන්නවා ඇතිනේ. මෙය ඇන්ඩ්ඩ්‍රොයිඩ් (Android) ඇප්ලිකේශන් (Application) එකක්ය. මෙය සියළුම ෆැලට්ෆෝම් (Platform) සමග භාවිතා කිරීමට හැකිවීම  විශේෂත්වයකි. මේ වන විටත් ගූගල් සමාගම මෙම සේවාව පුළුල් කිරීම සදහා විවිධ ලෝක ප්‍රසිද්ධ සමාගම් සමග ගිවිසුම් අත්සන් කර ඇත. මාස්ටර් කාඩ්(Master Card), සිටි (Citi), ස්ප්‍රින්ට් (Sprint), ෆස්ට් ඩේටා (First Data) වැනි සමාගම් ගූගල් සමාගම සමග දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇත. තව ද මොවුන් සමග එක් වී තම පාරිභෝගියන්ට විවිධ දීමනා (Discounts, Promotions, Loyalty Rewards) ලබා දීමටද ගූගල් වොලට් සූදානම්ව සිටින බව විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.

                   හැබැයි ඉතින් මේ ඔක්කොම දේවල් Pay Pal සමාගමට නම් දුක හිතෙන දේවල් තමයි. ගූගල් වොලට් Pay Pal සමාගමට එල්ල කරන්නේ ලොකුම ලොකු අභියෝගයක්. මෙයාලත් තමන්ගේ පාරිභෝගිකයන්ට මොනා හරි දීමනාවක් දෙන්න දැන් ඉදන්ම සූදානම් වෙනවා ඇති. අපිට පුළුවන් දැන් මේ දෙගොල්ලෝ අතර සීතල යුද්ධයක් බලාගන්න. බලමුකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ගූගල් වොලට් සේවාව ගැන දැනට කියන්න තියෙන්නේ ඔච්චරයි. තවත් මේ ගැන දැන ගත්තු ගමන්ම එන්නම්කෝ. එහෙනම් නිකං ඉන්න එපා සයිබර් පෙරේරාව ෆලෝ කරන්න. නැත්නම් අළුත් නිව්ස් මග හැරෙයි.

සුපිරි හිප් පොප් ගායක Sean Kingston හදිසි අනතුරකට ලක්වේ!

 සුපිරි හිප් පොප් ගායක Sean Kingston හදිසි අනතුරකට ලක්වේ!

             සයිබර් පෙරේරා මේ පාර ආවේ දුක හිතෙන නිව්ස් එකකුත් අරගෙන. ඇමෙරිකාවේ සහ මුළු ලෝකයේම ජනප්‍රිය ගායකයෙක් පෙරේදා අනතුරකට ලක්වුනා. ඔයාලා දැනටමත් මේ නිව්ස් එක දන්නවත් ඇති. මේ හදිසි අනතුරකට ලක්වෙලා ඉන්නේ සුපිරි සහ ජනප්‍රිය හිප් පොප් (Hip Hop) ගායක ශෝන් කින්ග්ස්ටන් (Sean Kingston). මොහු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා. එහෙනම් මේ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ.

               මොහු මේ අනතුරට ලක්වුනේ කෙල්ලෙක් සමග වතුර යාත්‍රාවක (Watercraft) ගමන් කරමින් යන විටදීය. සිද්ධිය දුටුවන් පවසන අන්දමට ඉරිදා හවස 6.00ට පමණ මොවුන් දෙදෙනාගේ වතුර යාත්‍රාව (Watercraft) ෆ්ලොරිඩාවල තිබෙන ෆාම් දූපත් පාලමේ (Palm Island Bridge) හැප්පී ඇත. එම අවස්ථාවේදී ම මොවුන් දෙදෙනාව දැඩි සත්කාර ඒකකයට ගෙන ගොස් ඇත. මෙය දැනගත් මොහුගේ පවුලේ උදවිය යාච්ඤා කරමින් මොහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජෝශප් කැරොස්සා මහතා පවසයි.

           මේ හදිසි අනතුර පිළිබද දැනගත් ජස්ටින් බීබර් (Justin Bieber) ටුවිටර් (Tweeter) වෙබ් අඩවිය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශෝන් කින්ග්ස්ටන්ගේ (Sean Kingston) ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් යාච්ඤාවේ යෙදෙන ලෙසයි. ඔන්න ඉතින් මම දන්න විදියට විස්තරේ ඕගොල්ලන්ට කිව්වා. අපිත් ශෝන් කින්ග්ස්ටන්ට (Sean Kingston) ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

Monday, May 30, 2011

Media ෆයිල් Copy Protect කරන්න නියම වැඩකාරයා : Copy Protect

 Media ෆයිල් Copy Protect කරන්න නියම වැඩකාරයා : Copy Protect


                      ඔන්න ඉතින් කස්ටියටම සුභම සුභ උදෑසනක් වේවා. සයිබර් පෙරේරා අද උදෙන්ම ආවේ පට්ට මෘදුකාංගයක් අරන්. මේ මෘදුකාංගයේ නම තමා : Copy Protect . එහෙනම් අපි මේකෙන් කරන්න පුළුවන් මොනවද කියලා කතා කරමුකෝ. ඔයාලා ගොඩක් කස්ටිය ආසයිනේ ඔයාලා CD එකක් හරි DVD එකක් හරි රයිට් (write) කළාම ඒක වෙන කවුරු හරි කොපි කරන එක නවත්තන්න.(ඒ කියන්නේ Copy Protect කරන්න) ඔන්න අද මම ගෙනාව මෘදුකාංගෙන් ඔයාලට ඒ ආසාව ඉෂ්ඨ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ සොෆ්වේයාර් එක ඔයාලටත් වඩා ඕන වෙන්නේ බිස්නස් කරන කට්ටියට. මේ මෘදුකාංගය එතරම් වටින කියන එකක්. මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා විවිධ වර්ගයේ Video, Audio, Photo සහ Document ෆයිල් Copy Protect කරන්න ඔයාලටත් පුළුවන්.

                  මේකේ  වටිනාකම ඉතා ඉහළයි. හරියටම කිව්වොත් $69.99ක් වෙනවා. ඒ වගේම මේකේ තියෙන වැඩ කෑලිත් ඉතින් ඒ වගේම වැඩියි. මේක ඔබට අවශ්‍ය ඕනම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සමග පාවිච්චි කරන්න පුළුවන්. පහළ තියෙන්නේ මේ මෘදුකාංගයේ තිබෙන තවත් විශේෂ ලක්ෂණ ටිකක්. හැබැයි ඒ ටික නම් ඉංගිරිසියෙන් තියෙන්නේ.

Copy Protection:  Copy Protect uses advanced level of copy protection technology that cannot be tampered in any way which means your copy protected data is completely safe from illegal copying and piracy.

Easy to use:  Copy Protect has a user-friendly graphical user interface that requires no before-hand technical know-how to operate. It is very easy to navigate and use.

Accessibility:  The program offers you a hassle free way to view, play and read your copy protected pictures, audios, videos and documents because copy protected applications have built-in player for your videos and audios, and a viewer for your pictures and documents.
 
Peace of Mind:  Total peace of mind from security leaks and privacy breaches. Never again fear of what's happening to your CD, DVD or USB drive while it is being used by someone else.

Portable Application: Copy Protect is unique because it creates copy protected applications that are also portable. It means no need to install the program at the other end.

No Administrative Privileges Required: Copy Protect does not ask for any special privileges to run the copy protected application. It does not require administrative rights to play copy protected videos and audios or to read copy protected files and documents.

Increased Revenue: Increase your revenue with Copy Protect by preventing illegal copying, piracy and duplication of your copyright materials.

Save your Creative Material : Now with Copy Protect, you are in full control and can prevent your images and digital pictures from being stolen or copied illegally. Whether you have videos that you wish to get reviewed, presentations you would not like stolen, digital pictures you want to exhibit and distribute in exhibitions but want to make sure they don't get duplicated, Copy Protect is your solution. 

                    මේ මෘදුකාංගයත් සම්මාන රැසක් දිනලා තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවනේ මේ මෘදුකාංගය මගින් කරගන්න පුළුවන් මොනවද කියලා. මේකේ තියෙන ගුණාංගයන් ටිකක් මම සිංහලෙන් කියන්නම්කෝ. මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පහසු, ඒ වගේම ඉතා වේගවත් මෘදුකාංගයක්. ඔයාලාට අවශ්‍ය මීඩියා ෆයිල් වැනි දේවල් Copy Protect කරගන්න මේ සොෆ්ට් එකෙන් පුළුවන්. ඔය කියෙව්ව හොදටම ඇතිනේ. මම තාම මේ මෘදුකාංගය භාවිතා කරල නම් නෑ. ඔයාලා බාගෙන බලන්නකෝ කොහොමද මේකේ වැඩ කිඩ කියලා.ඔන්න පහළ තියෙනවා, බාගන්නකෝ ඕන කස්ටිය.


Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩොන්යා (Donya)


 Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩොන්යා (Donya)

                     ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. පන්ති ගිහින් දැනුයි ආවේ.එහෙනම් වැඩේට එන්ටර්ර්ර් වෙමුකෝ.ඔන්න ඉතින් මේ පාර කියන්න යන්නේ ලස්සනම ලස්සන මියුසික් ඇල්බම් එකක් ගැන. අද ඉදන් මියුසික් වලට පිටුවක් අරිනවා. ඒ පිටුවේ පළවෙනි පෝස්ට් එක තමයි දැන් මේ ලියන්නේ. එහෙනම් මියුසික් පිටුවේ පළවෙනි පෝස්ට් එකෙන් දාන්නේ ජනප්‍රිය ඒ වගේම ලස්සනම ලස්සන සිංදු තියෙන Arashගේ ඩොන්යා (Donya) ඇල්බම් එක ගැන.  ඔයාලා මේ දවස්වල වැඩියෙන්ම අහන ඒ වගේම ආස කරන සිංදුව මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ බ්‍රෝකන් ඒන්ජල් (Broken Angel) සිංදුව ගැනනේ. ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ. මොකද ඒ සිංදුව ඒ තරම්ම ලස්සනයි. ඩොන්යා (Donya) ඇල්බම් එක ගැන කතා කරන්න කලින් Arash ගැන ටිකක් කතා කරමුකෝ.


                   Arash කියන්නේ ඉරාන ජාතික සුප්‍රසිද්ධ ගායකයෙක්. 1977 අප්‍රියේල් 23 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නගරයේ උපත ලද Arash සිය පවුලත් සමග අවු.10දී ස්වීඩනයේ (Sweden) පදිංචියට ගියේය. මොහු 2005දී ගායකයෙකු ලෙස නැගී ඒමට පටන් ගත්තේය. මොහු Persian Pop, Hip Hop, R&B, Dance Music, House ලෙස ගායන රීති (Genre) ගණනාවක් ඔස්සේ ගීත ගැයීමට හපනෙක් විය. මොහු Warner Music Scandinavia (WEA) සමග එකතු වී තම සිංදු ප්‍රසිද්ධ කිරීමට පටන් ගත්තේය. මොහු හෙලේනා (Helena) සමග එකට ගායනා කරන පියෝර් ලව් (Pure Love) හා බ්‍රෝකන් ඒන්ජල් (Broken Angel) සිංදු දෙක ලෝකයේ මොහුව ප්‍රසිද්ධ වීමට හේතු විය. දැන් ඉතින් Arash කතා කෙරුවා ඇතිනේ.

               ඔන්න දැන් අපි  ඩොන්යා (Donya) ඇල්බම් එක ගැන කතා කරමු. මෙම ඇල්බම් එක ලෝක රසිකයන්ට නිකුත් වුනේ 2008ය. එය ඉතා සීඝ්‍ර ලෙස ජනප්‍රිය වුනේ පියෝර් ලව් (Pure Love) සිංදුව නිසාය. මෙහි සිංදු 14ක් අන්තර්ගතවේ. ඔය පල්ලෙහා තියෙන්නේ ඒ සිංදු 14 ය.
                      01. Intro
                      02.Donya
                      03.Suddenly
                      04. Miduni Midunam
                      05.Kandi
                      06.Pure Love
                      07.Naro
                      08.Chori Chori
                      09.Laf Laf
                      10.Joone Man
                      11.Tanham
                      12.Doset Nadaram
                      13.Dasa Bala
                      14.Donya

            ඔන්න දැන් ඔයාලා දන්නවනේ ඩොන්යා ඇල්බම් එක ගැන විස්තර ටිකකුයි, ඒක තියෙන සිංදු ගැනයි. එහෙනම් ඉතින් මේ අපූරු ලස්සනම ලස්සන ඇල්බම් එක පහළින් බාගන්නකෝ.












Sunday, May 29, 2011

ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011

                    
 ලෝකයේ වැඩිම බිලියනපතියන් ජීවත්වෙන නගර පහ : Cities With The Most Billionaires 2011
                   
                   ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. ඊයේ දවසෙම GF එක්ක චැට් කරපු නිසා පෝස්ට් එකක්වත් දාන්න බැරි වුණා. ඒ හින්දා අද දවසේ පෝස්ට් වැඩිපුර දාන්න තමයි ඉන්නේ. ඔන්න ඉතින් අද උදේම ආවේ  බිලියන පුවතක් අරන්. ඔන්න ඉතින් මෙතනදී නම් ඇමෙරිකාව පරාදයි. අද මම ගෙනාව පුවතෙන් කියවෙන්නේ ලෝකයේ වැඩිම බිලියනපතියන් ඉන්න නගර පිළිබදව. ඔන්න ඉතින් ලෝකයේ බිලියනපතියන් වැඩිම ගාණක් ඉන්න නගර පහ අග ඉදන් මුලට පහළ තියෙනවා. බලන්නකෝ කොහොමද වැඩේ කියලා.



මේ තියෙන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.මෙම නගරය ලෝකයේ 5 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 36ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 60.5කි.


මේ තියෙන්නේ හොං කොං වල හොං කොං නගරයයි.මෙම නගරය ලෝකයේ 4 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 40ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 176.8කි.


මේ තියෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගරයයි.මෙම නගරය ලෝකයේ 3 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 41ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 164.3කි.


මේ තියෙන්නේ ඇමෙරිකාවේ නිව් යොර්ක් නගරයයි.මෙම නගරය ලෝකයේ 2 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 59ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 220.8කි. 


මේ තියෙන්නේ රුසියාවේ මොස්කව් නගරයයි.මෙම නගරය ලෝකයේ 1 වෙනි තැනට වැඩිම බිලියනපතියන් සිටිනා නගරයයි. මෙම නගරයේ බිලියනපතියන් 79ක් ජීවත්වේ.මොවුන්ගේ ධනයේ මුළු එකතුව $ බිලියන 375.3කි. 


             මෙම තොරතුරු වලින් පෙනී යන්නේ ලෝක ආර්ථිකයේ ප්‍රථමයාට දෙවන තැන ලැබී ඇති ආකාරයයි. එමෙන්ම ඔවුන්ගේ ප්‍රධානතම හතුරා ප්‍රථමස්ථානයේ පසුවෙයි. බලපල්ලකෝ ඇමෙරිකාවට වෙච්ච දේ. පව්නේ!

Saturday, May 28, 2011

ඔබට අවශ්‍ය ෆයිල් සහ ෆෝල්ඩර් ලොක් කිරීමට නියම භාණ්ඩේ : Folder Lock 6

           
 ඔබට අවශ්‍ය ෆයිල් සහ ෆෝල්ඩර් ලොක් කිරීමට නියම භාණ්ඩේ : Folder Lock 6
             
             සයිබර් පෙරේරා ආයෙත් ආවා. ඔන්න ඉතින් නියම මෘදුකාංගයක් අරන් තමයි මේ පාර ආවේ. වැඩි කතා එපා වැඩේට බහිමු. අද මම ගෙනාව මෘදුකාංගය භාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය ෆයිල් හා ෆෝල්ඩර් ලොක් කරන්න ; එන්ක්‍රිප්ට් කරන්න පුළුවන්. ඔයාලා දැනටමත් මෙවැනි මෘදුකාංග භාවිතා කරනවා ඇති. ඒත් අද මම ගෙනාව මෘදුකාංගය ලෝකයේ තියෙන හොදම ෆෝල්ඩර් ලොකින්ග් මෘදුකාංගයයි.  මේ මෘදුකාංගයේ නමත් :
                                                 ෆෝල්ඩර් ලොක්

            මෙය භාවිතා කරලා ‍ෆෝල්ඩර් ලොක් කරනවාට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. පහළ දාලා තිනේනේ මෙහි කැපී පේන විශේෂත්වයන් කිහිපයක්. 

256-bit AES encryption. The fastest file encryption software that uses on-the-fly encryption (military standard) for file protection.

File Lock, Folder Lock, Drive Lock, File Encryption and Folder Encryption. All in one complete package.

Full Portability. Password protect USB Drives, Lock CDs & DVDs and share password with trusted friends.

Backup or transfer your password protected Lockers anywhere. All data sits in one place for easy backup.

Undeletable Lockers (on the PC where Folder Lock is installed). Deletion requires you to login into Folder Lock.

Shred files automatically when data is encrypted. Choose this option if you're obsessed with your data.

Stealth Mode feature can efficiently hide all the traces of Folder Lock ever been installed on your PC.

Windows History Cleaning. Removes recent history of PC activity automatically when Locker closes.

Hack Attempt Monitoring option can monitor fake password attempts and can Shutdown PC automatically.

Fastest File Encryption Software! Encrypted data is later decrypted in memory, preventing data recovery & slow processing.

Complete Privacy! Whether you're concerned with privacy, data theft, data loss, data leaks or virus attacks. You need Folder Lock!

              මෙය සම්මාන රැසක් දිනාගත්තු මෘදුකාංගයක්. මෙය ඔබට අවශ්‍ය ඕනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සමග භාවිතා කිරීමට පුළුවන. එහෙනම් ඉතින් පහළින් මෙම මෘදුකාංගයේ අළුත්ම වර්ෂන් එක  බාගන්නකෝ (සීරියල් කීස් සහිතයි)